Spanish - SinhalaSub https://dseek.sldrive.cc/genre/spanish/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 15:23:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Spanish - SinhalaSub https://dseek.sldrive.cc/genre/spanish/ 32 32 A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/#respond Thu, 07 Dec 2023 16:39:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62052 A Deadly Invitation Sinhala Sub A Deadly Invitation Sinhala Subtitles A Deadly Invitation (2023) Sinhala Sub A Deadly Invitation (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José […]

The post A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Deadly Invitation Sinhala Sub
A Deadly Invitation Sinhala Subtitles
A Deadly Invitation (2023) Sinhala Sub
A Deadly Invitation (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José Manuel Cravioto ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Regina Blandón (අගතා), Maribel Verdú (ඔලිවියා), Stephanie Cayo (සෝනියා), Manolo Cardona (කැරී), Aarón Díaz (නරාම්), Pedro Damián (කාලෝස්) සහ José María de Tavira (ෆිගරෝව්).

කතාව ගැන කිව්වොත් මේක අද්භූත මරණයක් සම්බන්ධ කතාවක්. අගතා කියන්නෙ “නොවිසඳුණු අපරාධ” නම් ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක් කරන කෙනෙක්. එහිදී ඇය නොවිසඳුණු අභිරහස් සූක්ෂ්ම විදිහට නීරීක්ෂනය කරලා විසඳනවා. මේ අතර, ධනවත්, ඉහළ සමාජයේ ව්‍යාපාරිකාවක් වන සහ විවාහයෙන් වෙන්වූ කෙනෙක් වන ඇගේ අක්කා ඔලීවියාගෙන්, අගතාට සහ ඒ වගේ ඉහළ පෙළේ සීමිත පිරිසකට ලැබෙනවා අද්භූත ආරාධනාවක්, මුහුදු වෙරළ අසල තිබෙන ඇගේ සුවිසල් මන්දිරයට. හැබැයි කවුරුවත් හේතුව දන්නෙ නෑ. එයාල හැමෝම එක එක ආකාරයෙන් ඔලිවියාට සම්බන්ධ අය. එයාල එදා රාත්‍රිය ගත කරන්නෙ මුහුද මැද්දෙ, ඔලිවියාගෙ සුඛෝපභෝගි බෝට්ටුවේ. හැමෝම කම්පනයට පත් කරමින් සහ අභිරහසක් ඉතිරි කරමින් එදින රාත්‍රී, බෝට්ටුවේ තට්ටුවෙන් වැටී ඔලිවියා මිය යනවා. ඔලිවියාගෙ මිනීමරුවා කවුද? මොකක්ද මේ මරණය පිටුපස ඇති රහස. එය සොයාගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ නංගි, අගතාටයි.

මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විනාඩි 92 ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් කතාවක්…

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ කතාව රසවිඳින්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Deadly Invitation (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-deadly-invitation-2023-sinhala-subtitles/feed/ 0
Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mirage-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mirage-2018-sinhala-subtitles/#comments Wed, 16 Aug 2023 09:28:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50848 Mirage Sinhala Sub Mirage Sinhala Subtitles Mirage (2018) Sinhala Sub Mirage (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා. මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක […]

The post Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mirage Sinhala Sub
Mirage Sinhala Subtitles
Mirage (2018) Sinhala Sub
Mirage (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Durante la tormenta නමින් 2018 නොවැම්බර් 13 දින ස්පාඤ්ඤයේ මුල්වරට ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය Mirage නමින් 2019 මාර්තු වලදී ලොව පුරා විවිධ රටවල් වල ප්‍රදර්ශනය ආරම්භ කළා.

මේකෙ අධ්‍යක්ෂණය Oriol Paulo ගේ. රචනයට ඔහු සමග Lara Sendim දායක වෙලා තියනවා. Oriol Paulo කියන්නේ විශිෂ්ඨ ස්පාඤ්ඤ අධ්‍යක්ෂක වරයෙක්. මෑතකදී අපේ බයිස්කෝප් අඩවියෙන් ලබාදුන්න The Body (2019) හින්දි ප්‍රතිනිර්මාණයට පාදක වුණ මුල් නිර්මාණය වන 2012 දී නිර්මාණය වුණු The Body චිත්‍රපටිය හා Badla (2019) හින්දි ප්‍රතිනිර්මාණයට පාදක වුණු, කලින් මම උපසිරැසි අරගෙන ආපු The Invisible Guest (2016) චිත්‍රපටිය කියන දෙකම අධ්‍යක්ෂණය හා රචනය මෙයාගෙ. ඒ වගේම මම කලින් අරගෙන ආපු Boy Missing (2016) රචනා කලෙත් මෙයා. ඉතින් ඒවා වගේම මේකත් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක්.

Adriana Ugarte, Chino Darín, Javier Gutiérrez, Álvaro Morte වගේ අය රංගනයෙන් දායක වුණු Drama, Fantasy, Mystery වර්ගයේ නිර්මාණයක් වුණු මේකට IMDB දර්ශකයේ 7.4 ක අගයක්, කුණු තක්කාලි 75% ක්, ගුගල් පරිශීලකයන් ගෙන් 94% ක් වගේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලැබිල තියනවා. ඉතින් අපි කතාවත් පොඩ්ඩක් බලමු.

1989 නොවැම්බර් 9 වෙනිදා යුරෝපා ඉතිහාසයේ වැදගත් දිනයක් වෙන්නේ ජර්මනියේ ප්‍රකට බර්ලින් පවුර බිඳ වැටිලා අවුරුදු 27 කට පස්සෙ කොටස් දෙක එකට එකතු වීම නිසා. හරියටම එදාම ස්පාඤ්ඤයට දවස් 3ක් එක දිගට පවතින අකුණු කුණාටුවක් ඇති වෙනවා. නිකෝ කියන්නෙ පොඩි ළමයෙක්. එයා කැමරාවක් ටීවී එකට සෙට් කරලා තමන්ගේ වීඩියෝ එකක් කරන්න ලැස්ති වෙනවා. ඒ අතරතුරේ ඉස්සරහ ගෙදරින් ඇහෙන සද්දයක් නිසා එහෙට ගිහින් බලද්දි ගෙදර අයිති ඇන්ජල් ගෙ නෝනා මරල දාල. ඇන්ජල් ලේ ගෑවුණු පිහියකුත් අරගෙන එනවා. නිකෝ ගෙදරින් පැනල දුවද්දි වාහනේකට හැප්පිලා මැරෙනවා. ලේ ගෑවුණු පිහියත් අරං පාරට ආව නිසා තවත් අය ඇන්ජල්ව දකිනවා.

හරියටම අවුරුදු 25 කට පස්සේ, 2014 නොවැම්බර් 9 වෙනිදා කලින් එකට හරියටම සමාන පැය 72 ක් තියන අකුණු කුණාටුවක් එනවා. ඒ වෙද්දී කලින් නිකෝ හිටපු ගෙදර ඉන්නෙ අලුතෙන් පදිංචියට ආපු වේරා කියන හෙදිය, ඇගේ සැමියා ඩේවිඩ් සහ කුඩා දියණිය ග්ලෝරියා. එයාලට හදිස්සියේ ගෙදර තිබිල හම්බවෙනවා පරණ කැමරාවයි ටීවී එකයි. ඒ එක්ක තියන ටේප් රෙකෝඩ් දාල බලද්දී ඒවායේ තියෙන්නේ නිකෝ ගිටාර් ගහන වීඩියෝ. එදාට හරියටම අවුරුදු 25 ක් සම්පූර්ණ වෙන නිකෝ මියගිය දවසේ කරපු අන්තිම වීඩියෝ එකත් බලල ටේප් එක අයින් කරාටත් පස්සෙ ටීවී එක ඉබේම වැඩ කරන්න ගන්නවා. එදා නිකෝ අන්තිම වීඩියෝ එක කරන්න කලින් ටීවී එක දාද්දි ඒකෙ ගියපු බර්ලින් පවුර බිඳ වැටීමේ ප්‍රවෘත්තිය නැවත විකාශය වෙන්න ගන්නවා. මේ අරුම පුදුම සිදුවීම ගැන එදා රෑ කෑමට ඔවුන්ගේ නිවසට ආපු ඔවුන්ගේ අසල්වැසි මිත්‍රයා අයිතෝර් ට කිව්වට එයා ඒක පිළිගන්නේ නෑ.

අයිතෝර් කියන්නේ වේරා ට කාලෙකට කලින් දුම්රියේදී හමුවුණු මිත්‍රයෙක්. එයා වේරාට කැමැත්තෙන් හිටියත් වේරා අයිතෝර් හරහා හඳුනාගත්ත, ඔහුගේ මිත්‍රයෙක් වෙන ඩේවිඩ් එක්ක විවාහ වෙනවා. අයිතෝර් ටීවී එකේ කතාව පිළිගත්තෙ නැතත් වීඩියෝ ටේප් ගැන කියනවා. නිකෝ කියන්නෙ තමන්ගෙ පොඩිකාලෙ හොඳම යාළුවා බවත්, අවුරුදු 25 කට කලින් වුණු සිදුවීමත් එයා විස්තර කරනවා. ඒත් අයිතෝර් ගෙ අම්ම ඒවා කියනවට කැමති නෑ. එදා රෑ නින්දට ගිය අතරේ වේරා ට ආයෙත් ටීවී එකේ සද්දෙ ඇහිලා ඇහැරෙනවා. ගිහින් බැලුවම අතීතයේ ඉන්න නිකෝට ටීවී එක හරහා වේරාත්, වර්තමානයේ ඉන්න වේරට ටීවී එක හරහා නිකෝත් පේන්න ගන්නවා. වීඩියෝ කෝල් එකක් වගේ. දෙන්න කතා කරනවා. එහා ගෙදර සද්දේ ඇහුණාම නිකෝ යන්න හදද්දී වේරා ඔහුව නවත්තන්න උත්සාහ කරනවා. යන්න එපා, ගියොත් හැප්පිලා මැරෙයි කියල නිකෝගේ ජීවිතේ බේරන්න බලනවා.

නිකෝ ඒ කියන දේ අහල නවතියිද? එහෙම නැවතුණොත් එයාගෙ ජීවිතේ බේරෙයි. හැබැයි එහා ගෙදර වුණු මිනීමැරුම එළි වෙන එකක් නෑ. එතකොට අතීතය වෙනස් වීම වර්තමානයට කොහොම බලපායිද? ෆිල්ම් එක අරගෙන බැලුවම ඒවා දැනගන්න පුළුවන්.

අතීතයේ වෙන යම් දෙයක් වෙනස් කිරීම අනාගතයට බලපාන්නේ කොහොමද? කාලතරණ සංකල්පයට විරුද්ධව ඉදිරිපත් වෙන විරුද්ධාභාෂ ගොඩක් තියනවා. ප්‍රසිද්ධ එකක් තමයි Grandfather paradox කියන්නේ. ඒකට අනුව යම්කිසි කෙනෙක් අතීතයට යනවා. ගිහින් තමන්ගෙ සීය කුඩා කාලයේම මරල දානවා. සීය කුඩා කාලයේ මැරුණ කියන්නේ කාල සංචාරකයා ගේ අම්ම හෝ තාත්ත දෙන්නගෙන් කෙනෙක් ඉපදෙන්න විදියක් නෑ. ඒ කියන්නේ කාල සංචාරකයා ඉපදෙන්න විදියකුත් නෑ. එතකොට ඔහුට අතීතයට ගිහින් සීයව මරන්නත් බෑ. ඒ කියන්නේ අතීතයේ වෙනසක් කරන්න බෑ.

ගිහින් පොඩි වෙනසක් කරා කියල හිතමු. ඒත් අනාගතයේ ඒකෙ බලපෑම ලොකු දෙයක් වෙන්න පුළුවන්. මේ කතාවම අරගෙන බලන්න. වේරා එපා කිව්වට නිකෝට එහා ගෙදරට ගිහින් බලන්නම ඕන. ඒත් ටිකක් සැකයක් ඇතිවුණු නිසා තනියම යන්නෙ නැතිව යාළුවා අයිතෝර් වත් එක්කගෙන යනවා. ඒ ගිහින් වාහනේට හැප්පිලා මැරෙන්නෙ අයිතෝර්. එහෙම මැරුණ නම් එයා වේරගේ යාළුවෙක් වෙන්න විදියක් නෑ. එහෙනම් වේර ඩේවිඩ් දෙන්න මුණ ගැහෙන්නෙත් නෑ. ඒ දෙන්නට දුවෙකුත් නෑ. වර්තමානය තනිකර වෙනස් වෙලා. (නෑ නෑ, කතාවෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ)

එහෙමනම් කතාව අරගෙන බලන්න. කාලතරණයේ ගැටළු ගැන වැඩිය හිතන්න යන්නෙපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් මධුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mirage (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mirage-2018-sinhala-subtitles/feed/ 2
Don’t Listen (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dont-listen-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dont-listen-2020-sinhala-subtitles/#respond Thu, 03 Aug 2023 20:40:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48785 Don’t Listen Sinhala Sub Don’t Listen Sinhala Subtitles Don’t Listen (2020) Sinhala Sub Don’t Listen (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. Don’t Listen කියල ඉංග්‍රීසි title එක තියන මේකෙ මුල් නම Voces. ස්පාඤ්ඤ භාෂාවේ මෙහෙම කියන්නේ ඉංග්‍රීසියෙන් […]

The post Don’t Listen (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Don’t Listen Sinhala Sub
Don’t Listen Sinhala Subtitles
Don’t Listen (2020) Sinhala Sub
Don’t Listen (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක.

Don’t Listen කියල ඉංග්‍රීසි title එක තියන මේකෙ මුල් නම Voces. ස්පාඤ්ඤ භාෂාවේ මෙහෙම කියන්නේ ඉංග්‍රීසියෙන් voices හෙවත් සිංහලෙන් “කටහඬවල්” කියන එක.

මේක Ángel Gómez Hernández කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක්. Rodolfo Sancho, Ana Fernández, Ramón Barea වගේ අය රංගනයෙන් දායක වෙනවා. සංගීතය Jesús Díaz ගේ. ඒ සංගීතයත් හිතට ඇල්ලුවා. මේ 2020 වසරේ නොවැම්බර් 27 තමයි මේක Netflix හරහා ලෝකයට දකින්න ලැබුණේ. IMDB එකේ මේ වෙද්දි 6.1 ක අගයක් ලබාගෙන තියනවා.

මේකෙ කතාව ගත්තොත්, ඩනියෙල් හා ඔහුගෙ බිරිඳ සාරා පරණ ගෙවල් අරගෙන ඒවා අලුත්වැඩියා කරලා විකුණනවා. ඒ නිසා නිතරම වගේ ගෙවල් මාරු කරනවා. අලුතෙන්ම ගත්ත ලොකු පරණ ගෙදරට ආවට පස්සේ එයාලගෙ පුතා එරික් කියනවා එයාට කටහඬවල් ඇහෙනව කියල. ඒවායින් එක එක චිත්‍ර අඳින්න කියනවා කියල. හැසිරීමත් වෙනස් වෙනවා. මනෝවෛද්‍යවරිය නම් කියන්නේ නිතරම ගෙවල් මාරු කරන නිසා, ඉස්කෝලෙ, යාළුවො දාල එන්න වුණු නිසා ඇති වුණු තත්වයක්, අලුතෙන් යාළුවො හදාගනිද්දි හරියයි කියල.

ඉතින් මේ එරික් අඳින චිත්‍ර වල තියෙන්නේ මොනවද? මේ ගෙදර නිතරම ඉන්න මැස්සො මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මොකද වෙන්නේ බලන්න ෆිල්ම් එක අරගෙන බලන්න කියල ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිල්ෂාන් මධුරංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Don’t Listen (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dont-listen-2020-sinhala-subtitles/feed/ 0
God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gods-crooked-lines-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gods-crooked-lines-2022-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 07:44:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45692 God’s Crooked Lines Sinhala Sub God’s Crooked Lines Sinhala Subtitles God’s Crooked Lines (2022) Sinhala Sub God’s Crooked Lines (2022) Sinhala Subtitles

The post God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
God’s Crooked Lines Sinhala Sub
God’s Crooked Lines Sinhala Subtitles
God’s Crooked Lines (2022) Sinhala Sub
God’s Crooked Lines (2022) Sinhala Subtitles

The post God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gods-crooked-lines-2022-sinhala-subtitles/feed/ 0
Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bird-box-barcelona-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bird-box-barcelona-2023-sinhala-subtitles/#comments Mon, 17 Jul 2023 23:17:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45063 Bird Box Barcelona Sinhala Sub Bird Box Barcelona Sinhala Subtitles Bird Box Barcelona (2023) Sinhala Sub Bird Box Barcelona (2023) Sinhala Subtitles A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් […]

The post Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bird Box Barcelona Sinhala Sub
Bird Box Barcelona Sinhala Subtitles
Bird Box Barcelona (2023) Sinhala Sub
Bird Box Barcelona (2023) Sinhala Subtitles

A Quiet Place (2018) චිත්‍රපටය එම වසරේ ලෝකයේම අවධානය දිනාගත් අපූරු නිර්මාණයක් වූ බවට ඔබට මතක ඇති. පසුව එම වසරේම අග භාගයේ Bird Box (2018) ලෙස තවත් එවැනිම චිත්‍රපටයක් නිකුත් උනා මෙන්ම එයත් ඉහල ගුණාත්මක බවකින් යුත් නිර්මාණයක් බවට ලොවම පිළිගනු ලැබුවා. සුපිරි රංගන ශිල්පීන්ගෙන් හැඩවැඩ වූ මේ චිත්‍රපටයට යහපත් විචාර පවා ලැබුනා. ඒ ලැබුන ජනප්‍රියත්වයත් සමඟ නෙට්ෆ්ලික්ස් සමාගම එහි අතුරු කතාවක් එහෙමත් නැත්ත Spin-off ෆිලුමක් ලෙස Bird Box: Barcelona යන චිත්‍රපටය නිර්මාණය කලා වගේම ඊයේ (14) තමයි මේ ෆිලුම නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් උනේ. ලිපිය ලියන වෙලාව වෙනකොට 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, 6.1ක IMDb අගයක් ලබාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. Thriller / Horror/ Post-apocalyptic යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම චිත්‍රපටයේ වැඩි පුරම භාවිතා වෙන්නේ ස්පාඤ්ඤ භාෂාව කියලත් මතක් කරන්න ඕන. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Pastor සහ Alex Pastor විසින්. කලින් ෆිල්ම් එකේ වගේ ජනප්‍රිය රංගන ශිල්පීන්නම් මේ ෆිල්ම් එකට දායක වෙන්නේ නෑ. The Invisible Guest (2016) සිනමාපටයේ සිටි දක්ෂ ස්පාඤ්ඤ නළු Mario Casas ප්‍රධාන චරිතය ලෙසත්, ඊට අමතරව Georgina Campbell, Ptrick Criado, Diego Calva සහ Nalia Schuberth යන නළු නිළියන් තම රංගන දායකත්වය ලබා දෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපටයෙන් අපි දැක්කේ ඇමරිකාව මේ අද්භූත සත්ව ප්‍රහාරය එල්ල වෙන විදිය සහ මිනිස්සු දිවි බේරගන්න දරන උත්සහය වටානේ. මේ චිත්‍රපටයෙන් ස්පාඤ්ඤයට මේ සත්ව ප්‍රහාර එල්ල වන විදියත් බාර්සිලෝනා නගර වැසියන් ඊට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම හිතුවට වඩා මේකට උපසිරසි ගන්වන්න වෙලා ගිය එකට සමාවෙන්න. මට ලැබුනු උපසිරැසි පිටපතේ ඉංග්‍රීසී භාෂා දෙබස් වලට ලයින් නැති නිසා ඒවත් නැවත එකතු කරන්න උනා. ඒ වගේම මතක් කරන්න ඕන මේක ෆිල්ම් එක වෙන් කරලා තිබුනේ අපේ විමා සහෝට. ඒත් මට මේක කරන්න දුන්නට විමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !

ඔබ ඔවුන්ව දකින්න සූදානම්ද ?

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bird-box-barcelona-2023-sinhala-subtitles/feed/ 1
Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/venus-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/venus-2022-sinhala-subtitles/#comments Tue, 14 Feb 2023 23:29:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36402 Venus Sinhala Sub Venus Sinhala Subtitles Venus (2022) Sinhala Sub Venus (2022) Sinhala Subtitles ක්ලබ් නර්තන ශිල්පිනියක් වන “ලුසියා” මත්ද්‍රව්‍ය සොරකමක් සිදු කරන අවස්තාවේ ආරක්ෂක නිලධාරියෙකුට හසු වෙනවා. “ලුසියා” ඔහුගෙන් ගැලවී පලාගියත් ඔවුන් ලුසියා පස්සෙන් පන්නනවා. මේ අතර තම සහෝදරිය ලගට “ලුසියා” තුවාල සහිතව යනවා. සියලු දේ වෙනස් වන්නට පටන් ගන්නෙ සහෝදරිය සිටින ගොඩනගිල්ලට “ලුසියා” […]

The post Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Venus Sinhala Sub
Venus Sinhala Subtitles
Venus (2022) Sinhala Sub
Venus (2022) Sinhala Subtitles

ක්ලබ් නර්තන ශිල්පිනියක් වන “ලුසියා” මත්ද්‍රව්‍ය සොරකමක් සිදු කරන අවස්තාවේ ආරක්ෂක නිලධාරියෙකුට හසු වෙනවා. “ලුසියා” ඔහුගෙන් ගැලවී පලාගියත් ඔවුන් ලුසියා පස්සෙන් පන්නනවා. මේ අතර තම සහෝදරිය ලගට “ලුසියා” තුවාල සහිතව යනවා. සියලු දේ වෙනස් වන්නට පටන් ගන්නෙ සහෝදරිය සිටින ගොඩනගිල්ලට “ලුසියා” පැමිනීමත් එක්ක. ඒක මයාකාරී අත්භූත ගොඩනැගිල්ලක්….. ඉතිං කතාව සේරම කීවොත් රහක් නැති වෙයි. කතාව බලන්න කියළා හැමෝටම ආරාධනා කරනවා.

The post Venus (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/venus-2022-sinhala-subtitles/feed/ 1
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/through-my-window-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/through-my-window-2022-sinhala-subtitles/#respond Tue, 27 Dec 2022 03:15:02 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34413 Through My Window Sinhala Sub Through My Window Sinhala Subtitles Through My Window (2022) Sinhala Sub Through My Window (2022) Sinhala Subtitles   ඉතින් මගේ යාලුවෝ ඔක්කෝටම සුභම සුභ දවසක් වේවා! කියලම මම මේ ලිපිය පටන් ගන්නම්. අද මම මේ අරන් එන්නේ මගේ උපසිරැසි ජීවිතේ විශේෂම කඩයිමක්. සයිට් එකේ උපසිරැසි 150, 200 සහ 250 යන […]

The post Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Through My Window Sinhala Sub
Through My Window Sinhala Subtitles
Through My Window (2022) Sinhala Sub
Through My Window (2022) Sinhala Subtitles

 

ඉතින් මගේ යාලුවෝ ඔක්කෝටම සුභම සුභ දවසක් වේවා! කියලම මම මේ ලිපිය පටන් ගන්නම්. අද මම මේ අරන් එන්නේ මගේ උපසිරැසි ජීවිතේ විශේෂම කඩයිමක්. සයිට් එකේ උපසිරැසි 150, 200 සහ 250 යන කඩයිම් ඔක්කොම මුලින්ම පහුකරපු කෙනා විදිහට හිටිය මම අද සිංහල උපසිරැසි 300 කියන කඩයිමටත් ඇවිල්ලා. ඉතින් අද ලිපිය ජූංඩිත්තක් ලොකු වෙයි ඇ!

උපසිරැසි 300ක් ගහනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා ඔයාලා හිතනවා ඇති. නැ එහෙම දෙයක් නෑ. මේක හරි ලේසි වැඩක්. ඇයි දන්නවද? අපේ සයිට් එකෙ ලොක්කා ඉන්නවනේ, සමිත රමේෂ් මල්ලී. එයගෙ කිසිම ලොකුකමක් නෑ. එයා හිතන් ඉන්නේ උපසිරැසි ගහන අය තමා ලොක්කෝ කියලා. මාර ගෞරවයක් දෙනවා වගේම මට නම් මාර වටිනාකමක් දීලා කතා කරන මං දැකපු හොඳම ලොක්කා තමයි සමිත මල්ලී. ඉතින් එයා ඉල්ලීමක් කරොත් බෑ නොකියා කරන්න හිතෙනවා. පලවෙනි උපසිරැසියේ ඉඳන්ම මේ 300වෙනි එක දක්වාම කිසිම වෙනසක් නැතුව ලඟින්ම හිටිය සමිත මල්ලී නිසා උපසිරැසි 300ට එන එක මහලොකු දෙයක් උනේ නෑ. ඉතින් ස්තූතියි සමිත මල්ලී.

ඉතිං ඒ වගේම මට මුලින්ම කවර හදලා දීලා, සබ් ගහන එකට උදව් කරපු අංජුල මල්ලී සහ ඇන්ග්‍රි බර්ඩ් අශේන් මනාලයාවත් ආදරෙන් මතක් කරනවා. මොකද මේ දෙන්නත් මාර විදිහට උදව් කරා මට මෙ ගමන එන්න. සයිට් එකෙන් අයින් වෙන්න හදනකොට මාව තියාගත්ත පීටර් අයියා, මගේ සබ් සගයා වෙච්චි ෂෙහාන් මල්ලිවත් මතක් නොකර කොහොමද? උදය සමන් කියන්නේ මම තාම ඇහට දැකපු එකම සාමාජිකයා සයිට් එකේ. ඒ හැමෝම වගේම කොරියන් උචිනි. සුදිෂ්නි, විසූ ඇතුලු උපසිරැසිකාරිනියන් පිරිසත් ආදරයෙන්ම මතක් කරන්න ඕනේ. සිනෙරූ පවුලේ පරණම සහ අලුත් සියල්ලෝවම ආදරෙන් මතක් කරන අතරේ මතක් නොකරම බැරි පිරිසකුත් ඉන්නවා. ඒ තමා ඔයාලා, ඒ කිව්වේ අපෙන් සබ් අරන් කමෙන්ට් එකක් ලියල යන ඔයාලා වගේම කමෙන්ට් එකක්වත් නොලියා හොරෙන්ම යන ඔයාලවත් ආදරෙන් මතක් කරනවා. හෂාන් මල්ලී, Kantha_DLA මල්ලී ඇතුලු නම් නොකියවුනු සියල්ලන්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා.

ඉතින් යූ ටියුබ් එකේ #”සදහම් ක්‍රියේශන්ස් | Dj DULEX” කියන නමින් හෙව්වොත් ඔයාලට මගෙ චැනල් එක බලන්න පුලුවන්. ඒකේ මම ලබාදෙන ගොඩක්ම උපසිරැසිවල ට්‍රේලර් එක දීලා තියෙනවා සිංහල සබ් එකත් එක්කම. සබ් එක කිව්වේ ට්‍රේලර් එකේ සබ ඈ. ඉතින් ඒ පැත්තටත් ගිහිල්ලා බලාගෙන එන්න. සබ්ස්ක්‍රයිබ් පාරක් එක්ක පොඩි ලයික්, කමෙන්ට් එකකුත් දාගෙනම එන්න එනගමන්. ආ තව දෙයක් කියන්නම ඕනේ, මම ගහපු සබ් අතරේ පැය හතරයි විනාඩි දෙකක් දිග චිත්‍රපටි වගේම, විනාඩි 15 කෙටි චිත්‍රපටියකුත් තිබ්බා. ඒ හැම එකක්ම මම කරේ රේටින් සහ මගේ රසවින්දනය මත. පේලි දෙදාස් ගානක් තිබ්බ මම කරපු එකම එක ෆිලුමක් විතරයි මම පසුතැවෙන එකම උපසිරැසිය. ඒ නිසා මං කරපු සබ් එකේ පේලි ගානින් උපසිරැසියේ ගුනාත්මක බව මනින්න එපා කියලා ඉල්ලනවා.

ඒරිස්     :               මට පාපොච්චාරනයක් කරන්න තියෙනවා

රේචල්   :               මේ දැන්?

ඒරිස්     :               මම ඔයාගේ වයිෆයි එක හැක් කරේ හිතලමයි ඔයා එක්ක කතා කරන්නමයි

රේචල්   :               මොකක්ද??

[රේචල්] එයා මට කිව්වේ එහෙමයි. එයා මට ඇත්ත කියන තෑග්ග දුන්නා. ඊට පස්සේ අපි සිප ගත්තාඑයා ගියා

අද ගෙනාව උපසිරැසිය දිහාවට හැරුනොත් ඉතිං මේක ආදර කතාවක්. ඒ වගේම ස්පැනිශ් එකක්. මං බලපු බටහිර, ඒ වගේම කාලානුරූප පට්ටම ආදර කතාව තමයි මේ. ඒ කියන්නෙ මෙක මාරම විදිහට සැබෑ ලෝකේ දෙයක් වගේ. වෙන්න බැරි මාර රොමැන්ටික් ආදරයකට වඩා සැබෑ ලෝකේ වෙන්න පුලුවන් (බොහෝ විට සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු එකක් වෙන්නත් පුලුවන්) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ මේ නමින්ම ලියපු නවකතාවක් ආශ්‍රයෙන්. ආ අනික තමා මේක ඉතිං අම්මෝ 18+ එකක් ඈ. මාර සිද්දි ගොඩක් තියෙනවා කට ඇරන් බලන් ඉන්න පුලුවන් ඒවා. අනික කෙල්ලත් මාරම ලස්සනයි. එක පවුලක් ඉන්නවා එයාලා ලොකුම ව්‍යාපාරික පවුලක්. එයාලා තමන්ගේ ලිංගික සම්බන්ධතා පවා ව්‍යාපාරයට ඕනේ විදිහටයි පවත්වන්නේ. බිරිඳ කියලා ඉන්නේ නමට විතරයි, ලිංගිකත්වය කියන දේ නිකන්ම දෙයක් වෙලා එයාලට. ඒ වගේ වෙලාවක තමා ැඑ පවුලේ මද්දුමයට හිතෙන්නේ ලඟ ගෙදරක ඉන්න කෙල්ලෙක් ගැන. හැබැයි කතාව පටන් ගන්නේ වෙනස් විදිහකට. බලාගෙන යන්නකෝ, ඔයාලටම තේරේවි කතාව. තව වදගත් දෙයක් තියෙයි, ඒ රටවල අම්මා, තාත්තා, පුතා, දුව මාර විදිහට එකිනෙකා ඉස්සරහා විවුර්තව කතා කරනවා. ඒක මං දැක්ක හොඳම දෙයක්. මේක එපා නොවී බලන්න පුලුවන් නිර්මාණයක් උනා මට නම්. එ වගේම සම්මාන රැසක් දිනපු නිර්මාණයක් තමා මම මගේ 300වෙනි උපසිරැසි කඩයිම විදිහට අරන් ආවේ. ඉතින් බලලා කමෙන්ට් එකක් ලියන්න ඔයාලා කැමති නම්, එක ලොකු හයියක් අපිට

හරි එහෙනම් ඔන්න මම 300වෙනි කඩයිම, සයිට් එකේ විස්තරේ වගේම ෆිල්ම් එකේ කතාවත් කිව්වනේ. දැන් ඉතින් ඔයාලා අරගෙන බලන්න. මට තවම ඉවරකර ගන්න බැරි උන සීරීස් සහ ෆිල්ම්ස් වගයක් තියෙයි. මේ ටිකෙන් පස්සේ ඒවත් ඉවර කරන්න ඕනේ.

  • Jurassic World Camp Cretaceous S05
  • Transformers Prime S01
  • DC Super Hero Girls 2019 S01
  • The Expanse 02
  • Salem Season 2

මෙන්න මේ ටිකත් හැකි ඉක්මනින් අරන් එන්නම් ඔයාලට. මොකද ඉතින් ඒවා ටික ඉවර නොකර බෑ නේ. සමහර සිරීස්වල මම එපි කීපයක් දීලා අතරමඟ නවත්තපුවා. සමහර ඒවගේ නොදී අතෑරුනු සීසන්, ඒ නිසා ඒ ටික දෙන්නම් ඔයාලට. දිගටම දර්ශන හෙට්ටිවත්ත කියන උපසිරැසිකරුවා එක්ක ඔයාලා රැඳිලා ඉඳීවි කියලා හිතනවා. මොකද මගේ හයිය තමා උපසිරැසි බාගෙන යන ඔයාලා. ආ ඒ වගේම උපසිරැසි හොරකම්කරලා දාන පුතාලා, මම 300යි දැන්, ඔයාලත් සයිට්වල දානකොට හොරකම් කරලා හරි කමක් නෑ උපසිරැසිකරුවගේ නමවත් දාන්න. දන්නවනේ මේකක් ගහන්න කන කට්ට නේ?

ඉතින් මට උදව් කරපු හැමෝටම වගේම, මගෙ මේ උපසිරැසි ජීවිතේ පදනම දාපු මගේ සදහම් පුතාව මතක් නොකරම බෑ. සදහම් පුතා නිසයි මම මෙහෙම අරමුණක් ඇතුව වැඩ කරන්න පටන් ගත්තේ. ඉතින් එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියල ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්!

The post Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/through-my-window-2022-sinhala-subtitles/feed/ 0
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/tad-the-explorer-and-the-emerald-tablet-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/tad-the-explorer-and-the-emerald-tablet-2022-sinhala-subtitles/#respond Tue, 13 Dec 2022 23:31:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33912 Tad – The Explorer and the Emerald Tablet Sinhala Sub Tad – The Explorer and the Emerald Tablet Sinhala Subtitles Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Sub Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

The post Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tad – The Explorer and the Emerald Tablet Sinhala Sub
Tad – The Explorer and the Emerald Tablet Sinhala Subtitles
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Sub
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

The post Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/tad-the-explorer-and-the-emerald-tablet-2022-sinhala-subtitles/feed/ 0
Heroic Losers (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/heroic-losers-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/heroic-losers-2019-sinhala-subtitles/#comments Tue, 08 Nov 2022 14:40:32 +0000 https://sinhalasub.net/?post_type=movies&p=865 The post Heroic Losers (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Heroic Losers (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/heroic-losers-2019-sinhala-subtitles/feed/ 2
Money Heist (2017 – 2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/money-heist-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/money-heist-2017-sinhala-subtitles/#comments Mon, 13 Dec 2021 19:34:52 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=10621 To carry out the biggest heist in history, a mysterious man called The Professor recruits a band of eight robbers who have a single characteristic: none of them has anything to lose. Five months of seclusion – memorizing every step, every detail, every probability – culminate in eleven days locked up in the National Coinage […]

The post Money Heist (2017 – 2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
To carry out the biggest heist in history, a mysterious man called The Professor recruits a band of eight robbers who have a single characteristic: none of them has anything to lose. Five months of seclusion – memorizing every step, every detail, every probability – culminate in eleven days locked up in the National Coinage and Stamp Factory of Spain, surrounded by police forces and with dozens of hostages in their power, to find out whether their suicide wager will lead to everything or nothing.

The post Money Heist (2017 – 2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/money-heist-2017-sinhala-subtitles/feed/ 7