Zoom.lk - SinhalaSub https://dseek.sldrive.cc/genre/zoom-lk/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 24 Mar 2025 13:44:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Zoom.lk - SinhalaSub https://dseek.sldrive.cc/genre/zoom-lk/ 32 32 Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/traders-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/traders-2016-sinhala-subtitles/#respond Mon, 24 Mar 2025 13:44:07 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29105 Traders Sinhala Sub Traders Sinhala Subtitles Traders (2016) Sinhala Sub Traders (2016) Sinhala Subtitles

The post Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Traders Sinhala Sub
Traders Sinhala Subtitles
Traders (2016) Sinhala Sub
Traders (2016) Sinhala Subtitles

The post Traders (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/traders-2016-sinhala-subtitles/feed/ 0
The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/#comments Sat, 21 Oct 2023 08:41:11 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57761 The Law Cafe Sinhala Sub The Law Cafe Sinhala Subtitles The Law Cafe (2022) Sinhala Sub The Law Cafe (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 법대로 사랑하라 THE LAW CAFE 2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට… මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… […]

The post The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Law Cafe Sinhala Sub
The Law Cafe Sinhala Subtitles
The Law Cafe (2022) Sinhala Sub
The Law Cafe (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

법대로 사랑하라

THE LAW CAFE

2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ ඔයාලට…

මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…

LEE SEUNG-Gi

LEE SE-YOUNG

කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා.

ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආදරයෙන් ආරාධනා කරනවා????…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Law Cafe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/the-law-cafe-2022-sinhala-subtitles/feed/ 9
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ruby-gillman-teenage-kraken-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ruby-gillman-teenage-kraken-2023-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 08:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51102 Ruby Gillman, Teenage Kraken Sinhala Sub Ruby Gillman, Teenage Kraken Sinhala Subtitles Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Sub Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා […]

The post Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ruby Gillman, Teenage Kraken Sinhala Sub
Ruby Gillman, Teenage Kraken Sinhala Subtitles
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Sub
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා වගේ තමයි හිටියේ. හදිස්සියේම එයා දැනගන්නවා, රූබි සහ ඇගේ පවුල පැවතගෙන එන්නේ රාජකීය පවුලකින්. ඒ වගේම තව හිතාගන්න බැරි ලොකු වෙනසක් එයාගේ තියෙනවා කියලා. මේ වෙනස්කමත් එක්ක, රූබිගේ ඉදිරි අනාගතය කොහොම වෙයිද කියලා තමයි මේ කියන්න යන්නේ.

මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සන animation movies අතරට එක්වෙන තව එකක් තමයි මේ. Universal Pictures මඟින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගන්න සමත් වුනා. Kirk DeMicco විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට තම කටහඬින් දායකත්වය සපයනවා, Lana Condor (රූබි ගිල්මන්), Toni Collette (අගතා ගිල්මන්), Annie Murphy (නෙරිසා), Jane Fonda (ආච්චි අම්මා) ඇතුලු පිරිසක්. මෙයාලාගේ එකතුව ඉතා දර්ශණීයයි කියලා පේන්නේ මේ චිත්‍රපටිය නැරඹුවාම.

Animation movies වලට කැමති හැමෝම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න. ලස්සනයි. හැමෝම චිත්‍රපටිය රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ruby-gillman-teenage-kraken-2023-sinhala-subtitles/feed/ 0
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/#respond Thu, 10 Aug 2023 12:36:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49681 Satyaprem Ki Katha Sinhala Sub Satyaprem Ki Katha Sinhala Subtitles Satyaprem Ki Katha (2023) Sinhala Sub Satyaprem Ki Katha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද? සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද? කතා: හිතන්න වෙනවා. සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා.. තවත් කෙනෙක්ට දරාගන්න බැහැ. තව […]

The post Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Satyaprem Ki Katha Sinhala Sub
Satyaprem Ki Katha Sinhala Subtitles
Satyaprem Ki Katha (2023) Sinhala Sub
Satyaprem Ki Katha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද?

සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද?

කතා:
හිතන්න වෙනවා.
සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා..
තවත් කෙනෙක්ට දරාගන්න බැහැ.
තව සමහරක් ඒවා..
ඒවා තමන්ටම දරාගන්න බැහැ.

සත්‍යප්‍රේම් :
මොන දවසකදිද, ඔයා ඔයාගෙ ‘ඇත්ත’ දරාගන්න සූදානම් වෙන්නේ,
එදාට කියන්න.
මං අහන්න ලෑස්තිවෙලා ඉන්නම්.

ඇත්ත තමයි. සමහර “ඇත්ත” තියෙනවා, අපිට ඒක දැනගන්න කම් බොහෝ සෙයින්ම වුවමනාව තිබුනත්, දැනගත්තට පස්සේ ඒවා, අපිට හොර රහසේම හැංගිලා තිබුනා නම් හොඳයි කියලා හිතෙන. ඉතිං එහෙනම් මේ ආකාරයෙන් ඔයාලව සත්‍යප්‍රේම්ගේ විවාහ දිවියට සාධරයෙන් පිළිගන්නවා.

සත්‍යප්‍රේම් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය තරුණයෙක්. විහිළුවෙන් තහලුවෙන් ජීවිතය ගෙවෙන ඔහුට ස්තිර වශයෙන් රස්සාවක් එහෙම නෑ. එදිනෙදා දෙයක් කරගෙන ඉන්නවා. කතා කියන්නේ බොහොම ධනවත් පන්තියක ගැහැණු ළමයෙක්. අපෙ සත්‍යප්‍රේම්’ගෙ ක්‍රශ් එක තමයි කතා. කතා කියන්නේ නර්තන රඟ දැක්වීම්, එවෙන්ට් කරන කෙනෙක්. අපෙ සත්‍යප්‍රේමුත් ඒවා බලන්න අනිවාරෙන්ම යනවා ඉතිං.

ඔහොම ටික දවසක් යනකොට එක පාරටම කතාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගෙ දියණියව කසාද බදින්න කියලා සත්‍යප්‍රේම්ට කියනවා. සත්‍යප්‍රේම්ගෙ හිසේ මලක් පිපුණා වගේ වෙනවා. මේ හිටි හැටියෙම තමන්ගේ ක්‍රෂ් එක වගේම, සල්ලි කන්දක් නේද මේ ඔළුව පාත් වුනේ කියලා හිතිලා. ඒත් ඉතිං, ඊට පස්සෙ තමයි සත්‍යප්‍රේම්’ගෙ දිවිය කට පිට හැරෙන්නේ.

ලස්සනම ගීතයකින් තමයි මේ චිත්‍රපටය ඇරඹෙන්නේ.. ඒකෙ පදවැල් වලින් අපෙ සත්‍යප්‍රේම්ට, කතාව බදින්න තියෙන ආශාව කොපමණක්ද කියලා ඔයාලට පෙන්වලා දේවි. ඒවගේම තවත් ගීත තියෙනවා ප්‍රේක්ෂකයාව දුක් ගන්වන වගේම හිත සැහැල්ලු කරන. මේකෙ ගීත බොහොම විශේෂයි එච්චරටම. ඒ ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ.

Romance / Comedy ඝණයට වැටෙන මේ චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොම ඉහළින් ලැබුණා වගේම කාර්තික් ආර්‍යන් සහ කියාරා අද්වානිගේ රංඟනයට බොහොම පැසසුම් ලැබුණා. විශේෂෙන් කාර්තික් ගැන නම් කියන්නම වෙනවා. කියනවට වැඩිය ඔයාල පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකම්ම ඔහුගෙ මූනෙ හැගීම් බැලුවනම් තේරේවි. වෙනදා ඔහුගෙන් දකින්නට නොලැබෙන ගොඩක් දේවල් මේ චරිතයෙන් තිබුනා. වෙනදා අපිට විහිළුවෙන් තහලුවෙන්ම ඉන්න කාර්තික්වනෙ දැක්කේ.. මේ පාර විහිළුවෙන්, අධික කේන්තියෙන්, දුකෙන් , ආදරයෙන් ඉන්න කාර්තික් කෙනෙක්ව දකින්න ලැබෙයි. අනාගතයේ අතිශයෙන් දිදුළන තරුවක් වීමේ ලක්ෂන ගොඩක්ම විහිදෙනවා කාර්තික්ගෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Satyaprem Ki Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/satyaprem-ki-katha-2023-sinhala-subtitles/feed/ 0
Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/#comments Wed, 09 Aug 2023 09:37:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49582 Beauty and the Beast Sinhala Sub Beauty and the Beast Sinhala Subtitles Beauty and the Beast (2017) Sinhala Sub Beauty and the Beast (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් […]

The post Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beauty and the Beast Sinhala Sub
Beauty and the Beast Sinhala Subtitles
Beauty and the Beast (2017) Sinhala Sub
Beauty and the Beast (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් මේ වෙන්කොටත් අති සාර්ථක ගමනක් යනවා මොකද කියනවනම් ෆිලුම මේ වෙනකොට 1.248 billion USD ආදායමක් උපයාගෙන තියෙනවා හිතා ගන්න පුලුවන්නේ කස්ටියයි ෆිලුම කොච්චර සුපිරි ඇතිද කියලා. ඒ වගේම imdb මීටරේ 7.5ක ඉහල අගයක් දක්වා කැරකිලා තියෙනවා.ඉතාමත් සුපිරි නලු නිලි කැලක් තමයි රංගනයෙන් දායක වෙන්නෙත් emma watson,dan stevens,luke evans, Ian mackellens වගේ අය. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Bill condon කියන සුපිරි අධ්‍යක්ෂක වරයා. විශේෂත්වය තමයි ෆිලුමෙ ගීත ඇතුලත් වීම..මම කතාවනම් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ…

තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙනක්ම් ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/feed/ 1
Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bawaal-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bawaal-2023-sinhala-subtitles/#respond Sat, 22 Jul 2023 07:39:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45995 Bawaal Sinhala Sub Bawaal Sinhala Subtitles Bawaal (2023) Sinhala Sub Bawaal (2023) Sinhala Subtitles

The post Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bawaal Sinhala Sub
Bawaal Sinhala Subtitles
Bawaal (2023) Sinhala Sub
Bawaal (2023) Sinhala Subtitles

The post Bawaal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bawaal-2023-sinhala-subtitles/feed/ 0
Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/paper-boy-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/paper-boy-2018-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 03:04:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44761 Paper Boy Sinhala Sub Paper Boy Sinhala Subtitles Paper Boy (2018) Sinhala Sub Paper Boy (2018) Sinhala Subtitles මේඝා කියන්නේ ලස්සන යුවතියක් වගේම ඇය ඩොක්ටර් කෙනෙක්. ඉතිං ඇයගේ විවාහ ගිවිස ගැනීමේ දිනය දවසෙදි ඇයට මාරයාගෙන් ආරාධනා පත්‍රයක් එනවා. ඉතිං ඇය තව නොබෝ දිනයකින් මිය යන බව දැනගන්න ලැබෙන්නේ හැමෝවම දුකට පත් කරමින්. ඇය තදින්ම විශ්වාස […]

The post Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Paper Boy Sinhala Sub
Paper Boy Sinhala Subtitles
Paper Boy (2018) Sinhala Sub
Paper Boy (2018) Sinhala Subtitles

මේඝා කියන්නේ ලස්සන යුවතියක් වගේම ඇය ඩොක්ටර් කෙනෙක්. ඉතිං ඇයගේ විවාහ ගිවිස ගැනීමේ දිනය දවසෙදි ඇයට මාරයාගෙන් ආරාධනා පත්‍රයක් එනවා. ඉතිං ඇය තව නොබෝ දිනයකින් මිය යන බව දැනගන්න ලැබෙන්නේ හැමෝවම දුකට පත් කරමින්. ඇය තදින්ම විශ්වාස කරන දෙයක් තමයි හැම කෙනෙකුගෙම ඉපදීමට හේතු වුන හේතුවක් තියෙන බව. ඉතිං මේඝා දෙවියන්ගෙන් අහනවා “මෙහෙම ජීවිතයේ මඟක් දුරකදි මාව අරගෙන යනව නම්, මොකක්ද මගේ ඉපදීමට හේතුව?” කියලා.

ඉතිං මේඝා දවසක් කෝවිලට යනවා. එහිදී ඇයට කොළයක ඔතපු සිංදූර් ටිකක් ලැබෙනවා. ඉතිං ඈ මෙය දිගහැර සිංදූර් නලලත තියන විටම දකිනවා ඒ කොළේ තියෙන වචන ටිකක්.

“ධරණි.. මම කියවපු පළමුවෙනිම කවිය තමයි, මේ අකුරු තුන”

ඇයට එතනදි තේරෙනවා මේ කාගෙ හරි ඩයරියක කොලයක් තමයි කියලා. ඉතිං ඇය මේ සිංදූර් ඔතන තැනට ගිහින් තවත් කොළයක් ඉල්ලගන්නවා. එහි මෙහෙම සඳහන් වෙනවා.

“ඇයට කලින් ඇගෙ අකුරු දුටුවෙමි.
ඇයට කලින් ඇගේ හැගීම් මුණගැසුණෙමි.
මා සයිනික්පුරියේ සඳසාවියයි ඇය.”

මේ ඩයරියට හුගක්ම හිත ඇදුන මේඝා විසින් මුළු ඩයරියම ඉල්ලගෙන ගිහින් කියවන්න ගන්නවා. ඉතිං මේ ඩයරියේ තියෙන කථාව තමයි අපේ චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ. ඔයාලට මම තාම චිත්‍රපටයේ වීරයා ගැනවත් වීරවරිය ගැන වත් කිව්වේ නෑ. එහෙනම් අපි යමු අපේ වීරයා වන රවී දිහාට. ඔහුව මමත් චිත්‍රපටියේ විදියටම හඳුන්වලා දෙන්නම්.

කකුල් වල රෝදයක් සවි කරගෙන, අත් වල පත්තර අල්ලගෙන, වීදියෙන් වීදියට එන, මේ පත්තර කොල්ලා තමයි රවී..

අන්ධකාරයේ තිර ඉවත් කරගෙන, සූර්‍යා නින්දෙන් අවදි කරගෙන, ගෙයින් ගෙට ඇවිදින මේ පත්තර කොල්ලා තමයි රවී..

පින්න දෙබෑ කරමින් ඔබේ දොරකඩට එන පළමු කිරණ තමයි රවී කියන්නේ.. මහ වැස්සෙත් කුඩයක් ඉහළන්, ලෝකයම(පුවත්) ගෙනවිත් දෙනවා නම් ඒ රවීයි..

ඉතිං තේරෙන්න ඇතිනේ රවී කියන්නේ දුප්පත් පවුලක පුතෙක්. රස්සාව තමයි සයිකලෙන් පාන්දරට ගෙයින් ගෙට පත්තර බෙදන එක. දුප්පත් උනත් අපෙ මේ රවීට ක්‍රෂ් එකක් ඉන්නවා. ඒකත් කෝටිපති පවුල දුවක් ගැන. ඉතිං අවුරුදු 5ක් තිස්සේ ඇයට හිතින් පෙම් කරන රවීට ආයෙමත් ඇයව දකින්න ලැබෙනවා බොහෝ කාලයකට පස්සේ. ඉතිං රවී ඇයව ඇයව ආයෙම දැකගන්න නොයෙක් ප්‍රයත්න දරනවා.

කවුද මේ වංශවත් පවුලේ දියණිය? ඇයගෙ නම තමයි ධරණි. බොහොම රූමත් හිත හොඳ තරුණියක්.
ඇයගෙ පවුලේ අම්මා, තාත්තා, ආච්චි අම්මා වගේම අයියලා දෙන්නෙක් ඉන්නවා. ධරණි කියන්නේ
අම්මා තාත්තට, අයියලටා ලැදි දියණියක්.

ධරණිගේ හිත හොඳකම නිසාම අවසානයේ රවීට ඇය හා මිත්‍රකමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ,
රවීට මහමෙරක් ලැබුනා වගේ හැඟීමක් ඇති කරමින්. රවීගේ වසර 5ක ක්‍රෂ් එක සමඟ මෙහෙම මිත්‍රකමක් ඇති වුන එක රවීට නිකම් ඇත්තටම කෙල්ලෙක් එක්ක ආදරෙන් එකතු වුනාටත් වැඩිය වැඩි හැඟීමක් ඇති කලේ.

” ඇයගෙ පා තබන සෑම තැනක්ම ගංඟාවක් වූවා..
ඒ ගඟ ගලා ආවා, මා එහි වතුරින් යටවී ගියා..
ඇයගේ කථා බහ තමයි තෙළුඟු භාශාව වුනේ..
ඇයගේ ඇමතුම ආලෝකය වුනා..
ඇයගේ නම කවිය නම් වුවා..
ඕහ්, ඇයව මාහට එක් ලෝකයක්ම වූවා..
මා යටවී ගියා ඇයට..”

රවී එක්ක ඇය කථා කලත් රවීට මෙහෙම නම් , රවී එක්ක ආදරෙන් බැඳුනොත් මොනවා වෙන්න පුළුවන්ද? ඒත් ඒක වෙයිද, මොකද ඇය නගරේ නම්බුකාර පවුලක වංශවත් තරුණියක්. රවී කියන්නේ ඕටො කාරයෙක්ගේ පුතෙක්. අඩුම රවීට ඔහුගේ ආදරය ප්‍රකාශ කරන්නවත් හයියක් තියේවිද? ඒ දේවල් කොහොම වුනත් ධරණි මේ වගේ කොල්ලෙක්ට කැමති වෙන්න ඉඩක් තියෙනවද?????????????

ඔන්න එහෙනම් ඒ දේවල් ගැන දැණගන්න නම් Romance ශාරණයට අයත් වෙන මේ චිත්‍රපටිය ඔයාලට
නරඹන්න වෙනවා.

මං හිතන්නෙ නෑ මේ චිත්‍රපටය ලංකාවෙ ගොඩක් අය බලල ඇති කියලා. 2018 වසරෙ එහෙමත් ඇක්ටිව් විදියට බලපු අය නම් බලලා ඇති අනිවාරෙන්ම. මම ඉතිං 2018 දි අලුතෙන් එන චිත්‍රපට ගැන දන්නේ උපසිරැසික් ආවම තමයි. මාත් ඉතිං ඒ කාලේ උපසිරසියකින්ම බලලා මං ආස වුණු චිත්‍රපටයක් නිසා, මේ චිත්‍රපටයට මමත්වෙනදා වගේම උපසිරැසියක් ගෙනාවා.

දැන් එන චිත්‍රපට වගේ නෙවෙයි, මේවගේ සිංදු උනත් මාර ලස්සනට තියෙනවා. අපිත් ඇතුලෙ ජීවත් වෙන
හැඟීමක් ඇති කරවන චිත්‍රපට තමයි මේවා. 2018 කියන්නේ කොහොමත් තෙළුඟු සිනමාවෙ ස්වර්ණමය යුඟය කියනවනේ. ගීත සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ අශේන් කවිඳු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Paper Boy (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/paper-boy-2018-sinhala-subtitles/feed/ 0
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/#respond Thu, 13 Jul 2023 15:54:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44008 Suzume Sinhala Sub Suzume Sinhala Subtitles Suzume (2022) Sinhala Sub Suzume (2022) Sinhala Subtitles 2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම […]

The post Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Suzume Sinhala Sub
Suzume Sinhala Subtitles
Suzume (2022) Sinhala Sub
Suzume (2022) Sinhala Subtitles

2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම මුලින්ම සදහන් කලේ “ජපන් anime ආධිපත්‍ය” කියලා. ඔයාලා අනිවාර්‍යෙන්ම නරඹලා ඇති Weathering with you, Your Name,Garden of words, 5 centimeter per second. මේ සදහන් කරපු විශිෂ්ඨ සිනාමා කෘති ඔයාලා නරඹලා තියනවනම්, අද මම අරගෙන ඇවිත් තියෙන්නෙත් ඒ වගේම විශිෂ්ඨ සිනමා කෘතියක්. ඉහත සදහන් කරපු නිර්මාණය නරඹපු ඔයාලට මතක ඇති ඒ හැම නිර්මාණයකම ” ආදරය” යන ආදරණීය අකුරු හතරට විශිෂ්ඨ තේමාවන් එකතු කරලා ඒ අකුරු හතරේ තියන බලවත් බව විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කලා. අපි වාසනාවන්තයි ඉහත සදහන් කරපු විශිෂ්ඨ සිනමා නිර්මාණ ලෝකයට දායාද කල සිනමා කරුවගෙම තවත් විශිෂ්ඨ නිර්මාණයක් දැකබලා ගන්නට හැකි වීම ගැන. මොහු නමින් Makoto shinkai. ඒ වගේම මෙවර ගෙන ආ නිර්මාණයේ නම තමයි Suzume.

සුසුමේ කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් පොඩි කාලේ අම්මා නැති වෙලා. අම්මගේ සහෝදරිය ලග හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක්. මෙයාගේ හීනේ තමයි හෙදියක් වෙන එක. මොකද මෙයාගේ අම්මත් නැති වෙන්න කලින් හෙදියක්. සුසුමේ වෙනදා වගේ පාසල් යන අතරමගදි හම්බවෙනවා තරුණයෙක්. ඒ තරුණයාගේ නම තමයි සවුටා. මෙයා ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම අපි කවුරුවත් නොහිතන මේ ලෝකේට වෙන ලොකුම ස්වාභාවික අනතුරක් වෙන භූමිකම්පා ඇති වෙන එක වලක්වන එක තමයි මෙයාගේ අතින් වෙන විශිෂ්ඨම කාර්‍ය. දැන් ඔයාලා හිතයි කොහොමද භූමිකම්පා නවත්වන්නේ කියලා. භූමිකම්පාව වළක්වන විදියයි ඇති වෙන විදියයි දෙකම ඔයාලට හිතා ගන්නවත් බැරි විදියට ඉතා ගැඹුරින් නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියනවා මේ සිනමා කෘතිය තුල. Imdb මීටරේ 7.8 වගේම කුණු තක්කාලියෝ ටික 96% වැනි ලොකු රේටින් එකක් ලබාදීලා තියනවා. ඉතිං හිතා ගන්න පුලුවන්නේ කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා. ඩොලර් මිලියන 323ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නත් මේ නිර්මානයට හැකියාව ලැබිලා තියනවා. ඉතිං එහෙනම් අපි බලමු සුසුමෙ ටයි සවුට ටයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත බේරගෙන ජිවිතේ යථා ස්භාවයත් අවබෝධ කරගෙන එයාලගේ ආදරයට දිනන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ගිහින් එන්නම් ජයවේවා!.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/suzume-2022-sinhala-subtitles/feed/ 0
Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/#comments Tue, 04 Jul 2023 23:09:20 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42882 Lust Stories 2 Sinhala Sub Lust Stories 2 Sinhala Subtitles Lust Stories 2 (2023) Sinhala Sub Lust Stories 2 (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත […]

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Lust Stories 2 Sinhala Sub
Lust Stories 2 Sinhala Subtitles
Lust Stories 2 (2023) Sinhala Sub
Lust Stories 2 (2023) Sinhala Subtitles

ඔන්න එහෙනම් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ Lust Stories (2018) චිත්‍රපටිය නැරබුවා නම් අමුතුවෙන් මේක ගැන විස්තර කරන්න දෙයක් නැති වේවි. මේ පාරත් සුපුරුදු පරිදි කතා හතරක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා. හැමෝටම කතා හතරම සෙට් වෙන එකක් නම් නැහැ. මට නම් අඩු වැඩි වශයෙන් දෙවැනි හා සිව්වැනි කතාව හොදයි.. පළවෙනි හා තෙවැනි කතාවේ ලොකු ගත යුත්තක් නම් තිබ්බේ නැහැ වගේදෝ කියලා හිතුනා.. කොහොමත් ෆිල්ම් එක එන්න කලින්ම පොඩ්ඩක් කතාබහක් ඇති උනේ තමන්නාගේ සරාඟි දර්ශන කිහිපියක් අන්තර්ජාලයේ එහේ මෙහේ ගිය නිසා. ඒ කතාව නම් ඔයාලාට බලන්න වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කතාව විදියට නම් තමයි..

මේ පාර ඉන්න නළු නිළි පිරිස තමයි මේ Kajol
Mrunal Thakur
Neena Gupta
Tamannaah Bhatia
Vijay Varma
Amruta Subhash
Tillotama Shome
Kumud Mishra
Angad Bedi

මේ පාර කතා හතර අධ්‍යක්ෂණය කරන්නේ R. Balki
Konkona Sen Sharma
Sujoy Ghosh
Amit Ravindernath Sharma විසින්…

අලුතින්ම කසාද බදින්න යන යුවලකට තමන්ගේ ආච්චි අම්මාගෙන් ලැබෙන අපුරු උපදෙසක්.. පළවෙනි කතාවෙන්.. තනියම ෆ්ලැට් එකක දිවි ගෙවන මැදි වයසේ කාන්තාවක් හා තමන්ගේ මෙහෙකාරිය අතර සිදුවන අරුම පුදුම ගනුදෙනුවක් දෙවැනි කතාවෙන්… කපටි චාටු කතාවලින් කාන්තාවන් රවට්ටන පුද්ගලයෙක්ට වෙන නොහිතු විරු සිදුවිමක් තෙවැනි කතාවෙන්ද…  කාන්තාවන්ට ලොල් උන මැදි වයසේ පුද්ගලයෙක් හා බිරිදක් ගෙවන ජිවිතය කෙසේ ඉවර වේවිද කියලා සිව්වැනි කතාවෙන්ද ඔයාලාට බලන්න පුලුවන්.. එහෙනම් සති අන්තයෙන් මේ චිත්‍රපටියට කාලයක් වෙන් කරගන්න කියලා ආරාධනා කරනවා. අමුතුවෙන්කි යන්න ඕනි නැහැනේ මේක වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටියක් කියලා..  එහෙනම් ගිහින් එන්නම්..

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දර්ශණ නිශාන්ත පීරිස් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Lust Stories 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/lust-stories-2-2023-sinhala-subtitles/feed/ 2
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/are-you-there-god-its-me-margaret-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/are-you-there-god-its-me-margaret-2023-sinhala-subtitles/#respond Fri, 30 Jun 2023 00:55:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=42454 Are You There God? It’s Me, Margaret. Sinhala Sub Are You There God? It’s Me, Margaret. Sinhala Subtitles Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Sub Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසු‍රෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ […]

The post Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Are You There God? It’s Me, Margaret. Sinhala Sub
Are You There God? It’s Me, Margaret. Sinhala Subtitles
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Sub
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles

මම අද අරගෙන ආවේ, ඇමරිකාවේ ජනප්‍රිය නවකතාවක් ඇසු‍රෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මුලින්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටියේ එක අරමුණක් තමයි කාන්තා ලිංගික අධ්‍යාපනය. ඒ කියන්නේ කුණුහරුප නෙමෙයි. වැඩිවියට පා තබන ගැහැණු දරුවන්ගේ ශරීර‍යේ සිදුවෙන වෙනස් කම්, එයාලාට දැනෙන විදිය මේ චිත්‍රපටියෙන් කතා ‍කෙරෙනවා. අපේ රටේ ති‍‍යෙන සංස්කෘතිය හෝ වෙන සමාජ කතිකාවත් නිසා, මේවා ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නේ නෑ. හැබැයි, ඒක කතා කළ යුතු මාතෘකාවක් කියන එකයි ම‍ගේ මතය. මේ චිත්‍රපටිය, ඒ ගැන ඉතා සංය‍මයෙන් කතා ‍කරනවා.

අනිත් එක තමයි ආගම. දරු‍වෙක්ට තමන්‍‍ගේ ආගම තෝරගන්න නිදහස ගැනත් ‍මේ චිත්‍රපටියේ කතා කෙ‍රෙනවා. ඒවාත් අපේ සමහර අයට ඇලජික් නිසා, දැනගෙන බලන්න.

මේ චිත්‍රපටිය නිර්මාණය ‍වෙන්නේ 1970 දී Judy Blume රචනා කරන ලද Are You There God? It’s Me, Margaret. නම් නවකතාව පදනම් කරගෙන. මේ පොතත් ඉතා විශේෂ එකක්. මේ පොත 1970 ඉඳලා අද දක්වා එක දිගට මුද්‍රණය වෙන එකක්. අදටත් එහි ජනප්‍රියත්වය නොනැසී පවතිනවා. ඒ නිසා, ඒ නමින්ම චිත්‍රපටියත් නම් කරන්න, හැමෝම තීරනය කරලා ති‍යෙනවා.

චිත්‍රපටියේ තිර පිටපත ඉහත කියපු පොත ඇසුරෙන් නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කලේ Kelly Fremon Craig. ලොව පුරා බෙදාහැරීම භාර අරගෙන තියෙන්නේ Lionsgate සමාගම. රඟපෑමෙන් දායක ‍වෙනවා Abby Ryder Fortson (මාග්‍රට්), Rachel McAdams (බාබරා), Elle Graham (නැන්සි), Kathy Bates (සිල්වියා) ඇතුළු පිරිසක්. මේකෙදී වි‍ශේෂ ගෞරවයක් දෙන්න ඕනේ ළමා නිළියන්ට. ඔවුන්ගේ දක්‍ෂ රඟපෑම නිසා, චිත්‍රපටිය වර්ණවත් වෙලා තියෙනවා.

Web ratings ගැනත් වචනයක් කියන්න ඕනේ. මේ ලිපිය ලියන මො‍හොත වෙනකොට, IMDb 7.5, Rotten Tomatoes 99%, Google Users 86% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

කතාව ගැනත් ‍කෙටියෙන්ම ‍කියන්නම්. මාග්‍රට් කියන්නේ යුදෙව් ආගමික පියෙකුට සහ ක්‍රිස්තියානි ආගමික මවකට දාව උපන් දියණියක්. ඇය‍ගේ ආගම තෝරගන්න, ඇයටම ඉඩ දෙන්න දෙමාපියන් තීරණය කරනවා. ඒ අතරේම, මාග්‍රට් කියන්නෙ නව යොවුන් වියට පා තබන ගැහැණු දරුවෙක්. ඇයගේ සිරු‍රේ ඇතිවෙන සහ ඇතිවෙන්න යන වෙනස් කම් වලට මුහුණ දෙන්න ඇය සූදානම් වෙනවා. මේ කතා‍වේ තියෙන්නේ, ඇය‍ ආගම තෝරගන්‍නේ කොහොමද? ඇයගේ වෙනස්කම් වලට මුහුණ දෙන්නෙ කොහොමද? වගේ දේවල්. චිත්‍රපටිය බලලාම ඉන්නකෝ.

හැමදාම වගේ කියන්‍නේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, අපිට කියන්න. ඒවායින් අපි තවත් දිරිමත් වෙනවා. එහෙනම්, මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/are-you-there-god-its-me-margaret-2023-sinhala-subtitles/feed/ 0