Prime Video Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/prime-video/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 23 Nov 2024 13:53:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Prime Video Archives - SinhalaSub https://dseek.sldrive.cc/network/prime-video/ 32 32 Adhura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/adhura-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/adhura-2023-sinhala-subtitles/#respond Sat, 23 Nov 2024 13:02:22 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=81970 Adhura Sinhala Sub Adhura Sinhala Subtitles Adhura (2023) Sinhala Sub Adhura (2023) Sinhala Subtitles

The post Adhura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Adhura Sinhala Sub
Adhura Sinhala Subtitles
Adhura (2023) Sinhala Sub
Adhura (2023) Sinhala Subtitles

The post Adhura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/adhura-2023-sinhala-subtitles/feed/ 0
Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/gen-v-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/gen-v-2023-sinhala-subtitles/#respond Mon, 09 Oct 2023 07:55:04 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=55507 Gen V Sinhala Sub Gen V Sinhala Subtitles Gen V (2023) Sinhala Sub Gen V (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ […]

The post Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gen V Sinhala Sub
Gen V Sinhala Subtitles
Gen V (2023) Sinhala Sub
Gen V (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුපිරි වීරයෝ ගැන අපෙ ඔලුවල මැවිල තිබ්බ ප්‍රතිරූපේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරපු කතා මාලාවක් විදිහට The Boys නම් කරන්න පුලුවන්. එකම තාලේ කොමික් චිත්‍රපට/ ටීවි කතා මාලාවන් නරඹලා හති වැටිලා උන්නු රසිකයින්ට වෙනස්ම විදිහේ අත්දැකීමක් Eric Kripke විසින් 2019 දි The Boys හරහා අරන් ආවා. මේ වෙනස නිසාම අතිශය ජනප්‍රිය වුණු මේ විශ්වය තවත් පුලුල් කරන්න Amazon Prime Video දෙපාරක් හිතුවෙ නෑ. ඒ ප්‍රතිපලයක් විදිහටයි ඊයෙ පෙරේදා Gen V නමින් අලුත්ම ලයිව් ඇක්ශන් කතා මාලාවක් නිකුත් වුණේ. The Boys විශ්වයෙ නිකුත් කළ තුන්වෙනි ස්පින් ඕෆ් එක තමයි මේ.

ප්‍රචණ්ඩත්වයට සහ සීමා නැති ලිංගික නිරුවත් දර්ශනවලට නම් දරාපු The Boys කතා මාලාවේ ඒ දේවල් ඊට නොදෙවෙනි වෙන්න නිර්මාණය කරන ගමන් අලුත් චරිත සහ අලුත් සිදුවීම් එක්කයි මේ අපූරු Gen V සීරීස් එක ගොඩනගලා තියෙන්නේ.

The Boys විශ්වයේ වීරයින් වෝට් ආයතනයෙන් ලබාදුන්නු බෙහෙතක් නිසා බලය ලැබුණු අය මිසක් ඔවුන් ඉහළ පරිණාමය නිසා හෝ පිටසක්වළ ජීවීන් නිසා බලය ලැබුණු අය නෙවෙයි කියන කාරණේ දැනටමත් ඔප්පු වෙලා ඉවරයි. මේ ආන්දෝලානාත්මක හෙලිදරව්ව නිසා වෝට් එකේ ඉහළ පුටුවල ඉන්න අයට කොයි තරම් ප්‍රශ්න තොගේකට මුහුණ දෙන්න වුණාද කියලා ඔයාලට මතක ඇතිනේ. මේ වෙද්දී වෝට් එකේ සම්පූර්ණ බලයම තියෙන්නේ හෝම්ලෑන්ඩර් අතේ. ඒ අස්සේ හෝම්ලෑන්ඩරුත් දැන් ප්‍රසිද්ධියෙම පිස්සු කෙලිනවා.

ඉතිං ඔය වගේ කාලෙක “ගොඩොල්කින්” කියන සුපිරි වීරයින් සඳහා වෙන් වුණු පාසලක සිද්ද වෙන අමුතුම සිදුවීම් මාලාවක් පාදක කරගෙනයි අලුත්ම Gen V කතා මාලාව දිග හැරෙන්නෙ.

GODOLKIN විශ්ව විද්‍යාලය ගැන හඳුන්වාදීමක්

(නිළ ලාංචනය)

The Boys විශ්වයේ ඉන්න තරුණ සුපිරි බලයන් ලැබූ අය (සූප්ලා) එකතු කරගෙන, ඔවුන්ට තමන්ගෙ බලයන් පාලනය කරගන්න, ඒවා පාවිච්චි කරන්න උඟන්වන ප්‍රමුඛ පෙලේ පාසලක් තමයි මේ Godolkin University එක කෙටියෙන් “God U” කියල හඳුන්වන්නේ.

මේ පාසල ආරම්ඹ කරලා තියෙන්නේ පැට්‍රික් ගොඩොල්කින් (කොමික්වල ජෝන් ගොඩොල්කින්) කියන කෙනා විසින්. මේ පැට්‍රික් වගේම ගොඩොල්කි විශ්ව විද්‍යාලයත් Marvel ලගේ X-Men ලගේ පැරොඩි වර්ශන් එකක් විදිහටයි නිර්මාණය කරල තියෙන්නෙ.

මේ විශ්ව විද්‍යාලය තුළින් සූප් කෙනෙක්ට අවශ්‍යය හැම පැතිකඩකම දැනුම ලබාදෙනවා. ඒ දැනුම කළා ක්ෂේත්‍රය සහ අපරාධවලට එරෙහිව සටන් කිරීම කියන ප්‍රධාන නිපුණතා වර්ග දෙකකින් ඉඟෙන ගන්න පුලුවන්. අනික මේ විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගන්නෙත් බොහොම ප්‍රවේශමින් තෝරල බේරලා. හැමෝටම ඒ අවස්තාව උදාවෙන්නෙත් නෑ.

ඉතිං උපාධි ලබාදීම හරහා දහස් ගණනක් තරුණ සූප්ලට නිසි අධ්‍යාපනය ලබාදෙමින්, අදාල ශිෂ්‍යයින්ව සළකා බලල ඔවුන්ව සුපිරිවීරයින් විදිහට අපරාධවලට එරෙහිව හෝ කලා ක්ෂෙත්‍රයට යොමු කිරීමත් මේ විශ්ව විද්‍යාලයෙන් සිදුවෙනවා. ඒ වගේම මෙයාලා සෑම වසරෙම හොඳම ශිෂ්‍යයින් දස දෙනෙක්ව තෝරාගෙන ඔවුන්ව සෙවන් ඇතුලු ප්‍රමුඛ පෙලේ සුපිරි වීර කණ්ඩායම්වලත් යොමු කරෙනවා. කුයින් මේව්, ඒ- ට්‍රේන් වගේම ඩීප් කියන්නෙත් ගොඩොල්කින් එක හරහා දස්කම් දක්වලා හොඳම 10 අතරට ගිහින් සෙවන් එකේ තමන්ගෙ ස්ථාන දිනාගත්තු අයයි.

ඉතිං මේ අපූරු පාසල ගැන වැඩිපුර විස්තර ඔයාල Amazon ලාම නිර්මාණය කරපු නිළ ගොඩොල්කින් වෙබ් අඩවියට ගිහින්ම බලන්න පුලුවන්.
GODOLKINUNIVERSITY

The Boys විශ්වය කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ දූෂිත එකක්නේ. ඉතිං මේ ගොඩොල්කින් එකෙත් ඇති වෙනසක් නෑ. කතාව දිගටම බලන් යද්දි ඔයාලට තේරෙයි මේක ඇතුලේ මොන තරම් දරුණු වගේම අමුතු දේවල් සිද්ද වෙනවද කියලා.

ඉතිං තමන්ගෙ වැරදි හදාගෙන අලුත් ආරම්ඹයක් අරගන්න හිතාගෙන ගොඩොල්කින් එකට යන පොඩි කෙල්ලෙක්ට මැදිවෙන්න සිද්ද වෙන දරුණු අත්දැකීම් මාලාවක් තමයි Gen V කතා මාලාවෙන් අරන් එන්නෙ.

සුපුරුදු පරිදි Amazon Prime Video වෙනුවෙන් මේක නිර්මාණය කරල තියෙන්නේ Erik Kripke විසින්. Jaz Sinclair, Chance Perdomo, Lizzie Broadway, Maddie Phillips, Derek Luh ප්‍රධාන චරිත ලෙසින් එකතු වෙනවා. The Boys එකේ චරිත ප්‍රධාන චරිත විදිහට මේකට එකතු වෙන්නෙ නෑ. ඒත් The Boys එකේ මුහුණු ගොඩක් කැමියෝ විදිහට කතා මාලාව පුරාම බලාගන්න පුලුවන්. ඉස්සරහ කතාංගවලින් අපිට සොල්ජර් බෝයිවත් දැකගන්න අවස්තාව තියෙනව කියලයි අහන්න ලැබුණේ. මේ ලිපිය ලියන වෙලාව වෙද්දී 8.1 ක IMDB අගයක් වගේම 95% ක Rotten Tomatoes අගයකුත් කතා මාලාව වාර්ථා කරලා තියෙනවා.

The Boys වගේම මේකත් TV-MA රේටින් එකට නිර්මාණය කරල තියෙන්නේ. ඉතිං මේ සීරීස් එක පුරාම අසභ්‍යය වචන, නිරුවත් දර්ශන, මත්ද්‍රව්‍යය භාවිතය එක්ක පටන් ගත්තු වෙලාවෙ ඉඳන් අතිශය දරුණු ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත් වෙනවා. ඒ නිසා වයස 18 ට වැඩි අය විතරක් මේක බැලුවා නම් තමයි සුදුසු . අනිත් කාරණාව තමයි මේක The Boys එකේ ස්පින් ඕෆ් එකක් වෙන නිසා මේ සීරීස් එක The Boys එකට කෙලින්ම සම්බන්ඳ වෙනවා. ඒ නිසා The Boys බලල මේ විශ්වය ගැන දැනුම ටිකක් අරන් මේක බලන්න ගත්ත නම් හොඳයි කියලයි මම නම් කියන්නේ. නැත්තන් කතාවෙන් පෙන්වන ඊසටර් එග්ස් එහෙම ඔයාලට මගහැරිලා කතාවෙ නියම රසය අරගන්න බැරි වෙයි.

දැනට එපිසෝඩ් 4ක්  රිලීස් වුණා. ඉතුරු එපිසෝඩ් ටිකත් ආව ගමන් ඉක්මණටම අරං එන්නම්. එහෙනම් දිගටම සිංහලසබ්.නෙට් වෙතින් Gen V සමඟ රැඳිල ඉන්න කියල ආරාධනා කරමින් දැනට සමුගන්නවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සචින්ත කල්හාර බෙනට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Gen V (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/gen-v-2023-sinhala-subtitles/feed/ 0
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/#comments Wed, 16 Aug 2023 14:47:25 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=50874 Tom Clancy’s Jack Ryan Sinhala Sub Tom Clancy’s Jack Ryan Sinhala Subtitles Tom Clancy’s Jack Ryan (2018) Sinhala Sub Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක […]

The post Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Tom Clancy’s Jack Ryan Sinhala Sub
Tom Clancy’s Jack Ryan Sinhala Subtitles
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Sub
Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද “Ryanverse” නමැති මනංකල්පිත විශ්වය තුල ඔහු විසින් රචිත කෘති රාශියක් අපට හමුවෙනවා. ඔහුගේ පළමු කෘතිය උනේ The Hunt for Red October නමින්න් 1984 වසරේ ඔක්තෝබර් 1 වැනිදා පොත් පරිශීලකයන්ගේ අතට පත් වූ කෘතියයි. ඉන්පසු 2003 දක්වා ඔහු විසින් කෘති රාශියක් එළිදක්වනු ලැබුවා. පසුව ඔහු Grant Blackwood, Mark Greaney, Mike Maden සහ Marc Cameron යන රචකයන් සමඟින් එක්වී පොත් එලි දැක්වුවා. ඒවා තමයි එකින් එක පහලින් පහලට දකින්න ලැබෙන්නේ.

  • Hunt for Red October (1984)
  • Patriot Games (1987)
  • The Cardinal of the Kremlin (1988)
  • Clear and Present Danger (1989)
  • The Sum of All Fears (1991)
  • Without Remorse (1993)
  • Debt of Honor (1994)
  • Executive Orders (1996)
  • Rainbow Six (1998)
  • The Bear and the Dragon (2000)
  • Red Rabbit (2002)
  • The Teeth of the Tiger (2003)
  • Dead or Alive (2010, with Grant Blackwood)
  • Locked On (2011, with Mark Greaney)
  • Threat Vector (2012, with Mark Greaney)
  • Command Authority (2013, with Mark Greaney)

Post-Clancy Ryanverse novels

  • Full Force and Effect (2014, by Mark Greaney)
  • Commander in Chief (2015, by Mark Greaney)
  • True Faith and Allegiance (2016, by Mark Greaney)
  • Point of Contact (2017, by Mike Maden)
  • Power and Empire (2017, by Marc Cameron)
  • Line of Sight (2018, by Mike Maden)
  • Oath of Office (November 2018, by Marc Cameron)

අද අපි මෙසේ රූපවාහිනී කතා මාලාවක් ලෙසින් දකින්න යන මේ කතාව මීට පෙර චිත්‍රපට වශයෙන් පස් වතාවක් ඔබ අප අතට පත් උනා. ඒ චිත්‍රපට ගැන කිව්වොත්,

  1. The Hunt for Red October (1990)
  2. Patriot Games (1992)
  3. Clear and Present Danger (1994)
  4. The Sum of All Fears (2002)
  5. Jack Ryan: Shadow Recruit (2014)

ඉහත කි චිත්‍රපට වල ජැක් රයන්ගේ චරිතයට අනුපිළිවෙලින් පණ පෙව්වේ ඉතාමත් ජනප්‍රිය නළුවන් වන Alec Baldwin, Harrison Ford, Ben Affleck සහ Chris Pine යන නළුවන් පිරිස විසින්. විවිධ කොමික් විශ්වයන් ගැන කතා කරන අද කාලයේ මේ රයන් වර්ස් එක තවත් එවැනිම විශ්වයක්. ඉතින් මේ ජැක් රයන් නමැති CIA නිලධාරියා ප්‍රධාන කරගෙන නිර්මාණය වූ කතාව විශාල පරාසයක් දක්වා දිවෙනවා. ඊට අමතරව මේ චරිත අනුසාරයෙන් වීඩියෝ ක්‍රීඩා පවා නිර්මාණය වී තිබෙනවා. සමහර ගේම් ඔබ මේවනවිට අවසන් කරලත් ඇති. මුලින්ම Red Storm Entertainment සමගම විසින් ආරම්භ වූ මේ පරිගණක ක්‍රීඩා අයිතිය පසුව ඔබ අප කවුරුත් දන්න Ubisoft ආයතනයට හිමි උනා. මෙතෙක් නිර්මාණය වූ වීඩියෝ ක්‍රීඩා වල නම් මෙසේ පෙළගස්වන්න පුළුවන්.

  • Rainbow Six
  • Rainbow Six Mission Pack: Eagle Watch
  • Rainbow Six: Rogue Spear
  • Rainbow Six: Rogue Spear Mission Pack Urban Operations
  • Rainbow Six: Rogue Spear Covert Ops Essentials
  • Rainbow Six: Take-Down – Missions in Korea
  • Rainbow Six: Rogue Spear Black Thorn
  • Rainbow Six: Lone Wolf
  • Rainbow Six 3: Raven Shield
  • Rainbow Six 3: Athena Sword
  • Rainbow Six 3: Black Arrow
  • Rainbow Six 3: Iron Wrath
  • Rainbow Six: Lockdown
  • Rainbow Six: Critical Hour
  • Rainbow Six: Vegas
  • Rainbow Six: Vegas 2
  • Rainbow Six: Shadow Vanguard
  • Rainbow 6: Patriots
  • Rainbow Six Siege

එහෙනම් වටපිටාව ගැන කියවල මහන්සි නොකර කෙලින්ම මාතෘකාවට බහිමු. මේ කතාව අපට ලැබෙන්නේ Amazon Video ආයතනය යටතේයි. පළමුව කොයස් 8 කින් සමන්විත මේ කතා මාලාවේ මීළඟ කොටස් 8 හෙවත් දෙවන කතා සමය අපට 2019 වසර අග බාගයේදී ලැබෙනවා ඇති. මුලින්ම මම කියන්නම් කවුද මේ ජැක් රයන් කියන්නේ කියල. ඔහු CIA නිලධාරියෙක්. දැනට තොරතුරු විශ්ලේෂණ නිලධාරියෙක් ලෙසින් CIA ප්‍රධාන කාර්යාලයේ රාජ කාරී කරන ඔහුට ලැබී තිබෙන්නේ යේමනය සම්බන්ධ සිදුවන මුදල් ගනුදෙනු ගැන පරීක්ෂාවෙන් ඉඳල සැක කටයුතු යමක් වේ නම් ඒ ගැන ඉහල අංශ දැනුවත් කරන්න. දැනට විශ්ලේෂකයෙක් විදිහට ක්‍රියාත්මක උනත් ඔහු මීට කලින් මැරීන් සෙබලෙක් ලෙසින් සේවය කල අයෙක්. ඉතින් යේමනයේ සිද්ධ වෙන ගනුදෙනු ගැන සැලකිල්ලෙන් ඉන්න රයන්ට විශේෂ ගනුදෙනු කීපයක් ගැන ඇස ගැටෙනවා. ජැක් ප්‍රමුඛ කණ්ඩායම CIA එක තුල ක්‍රියාත්මක වෙන්නේ T-FAD නම් අනුවර්ත නාමයක් සහිත කණ්ඩායමක් ලෙසින්. ඒ තුල ලෝකයේ විවිධ කලාප ආවරණය වන ලෙසින් මෙසේ තොරතුරු විශ්ලේෂණය කරන පිරිසක් රාජකාරි වල නියැලෙනවා. ඒ වගේම ප්‍රධානියෙක් නොමැතිව දැනට රාජකාරි කෙරෙන මේ කණ්ඩායමට අලුත් ප්‍රධානියෙක් අද කොටසේදී ලැබෙනවා. රයන් කියන්නේ දක්ෂ නිලධාරියෙක් නමුත් නවක ප්‍රධානියාට රයන්ව මුලින්ම මුණ ගැහෙන්නේ යහපත් පසුබිමකදී නෙමෙයි. එහෙනම් මේ සියල්ලම සමඟින් මෙක බලන්න ඔයාලට ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හසන්ත වික්‍රමරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Tom Clancy’s Jack Ryan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/tom-clancys-jack-ryan-2018-sinhala-subtitles/feed/ 1
Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 11:25:41 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=43752 Farzi Sinhala Sub Farzi Sinhala Subtitles Farzi (2023) Sinhala Sub Farzi (2023) Sinhala Subtitles සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ (2023) පෙබරවාරි 10 වන දින තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & […]

The post Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Farzi Sinhala Sub
Farzi Sinhala Subtitles
Farzi (2023) Sinhala Sub
Farzi (2023) Sinhala Subtitles

සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද ඔයාලට අරගෙන ආවෙ මේ වසරේ (2023) පෙබරවාරි 10 වන දින තිරගත වූ Black Comedy Crime Drama ගණයට අයත් වෙබ් කතා මාලාවක මුල් උපසිරැසිය රැගෙනයි. The Family Man සීරියස් එක මතක ඇති නේ. ඒක කලේ Raj & DK කියන සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක වරුන් දෙදෙනා. එයාලගෙ අලුත්ම වැඩේ තමා Farzi කියන්නේ. මේකත් සුපිරිම වෙබ් සීරියස් එකක් තමා. Shahid Kapoor, Vijay Sethupathi, Kay Kay Menon, Raashii Khanna, Bhuvan Arora යන රංගන ශිල්පීන් දායක වෙනවා. ශාහිඩ් කපුර් වගේම විජේ සේදුපති කියන දෙන්නම OTT කියන මාධ්‍යයෙන් වෙබ් සීරියස් එකකිං දැකගන්න හම්බෙන පලවෙනි පාර තම මේ. මේක නිකුත් වෙන්නේ Amazon Prime හරහා. ඒ වගේම මේ සීරියස් එක දැනට IMDB අගය 8.6 ක අගයක් ලබගෙන තියෙනවා.

එහෙනම් අපි කතාවට බහිමු. සනි කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මෙයාගෙ සියා ක්‍රාන්ති කියලා පත්තර කන්තෝරුවක් කරන කෙනෙක්. මෙයාගෙ යාළුවා ෆිරෝස්, එයත් මේකෙම තමා වැඩ කරන්නේ. සීයා ගත්තු ණයක් හිංදා ඒක ගෙවාගන්න බැරුව පත්තර කන්තෝරුව වහන්න වෙනවා. ඉතිං සනියි එයාගෙ යාළුවයි මේකට මොක ද කරන්නේ, මේ දෙන්නට ගොඩ ඒමක් තියෙයිද නැද්ද? ඒක දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරඹන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා. මුල ඉදලා අගට හොද කුතුහලයකින් නරඹන්න පුළුවන් කතා මාලාවක් මේක.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Farzi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/farzi-2023-sinhala-subtitles/feed/ 1
Vikings (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/vikings-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/vikings-2013-sinhala-subtitles/#comments Thu, 13 Jul 2023 10:52:26 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=43878 Vikings Sinhala Sub Vikings Sinhala Subtitles Vikings (2013) Sinhala Sub Vikings (2013) Sinhala Subtitles මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර, අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක […]

The post Vikings (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vikings Sinhala Sub
Vikings Sinhala Subtitles
Vikings (2013) Sinhala Sub
Vikings (2013) Sinhala Subtitles

මෙම කතාමාලාවෙ උපසිරැසි සැකසුම Baiscopelk වෙබ් අඩවිය විසින් වන අතර,

අන්තර්ජාලයේ ඇති පිටපත් හඳහා උපසිරැසි නැවත සැකසීම ALFARIPS ටෙලග්‍රෑම් චැනල් එක විසින් සිදු කර ඇත

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්න

The post Vikings (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/vikings-2013-sinhala-subtitles/feed/ 17