1979 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1979/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 17 Dec 2023 01:18:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1979 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1979/ 32 32 Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dragon-fist-1979-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dragon-fist-1979-sinhala-subtitles/#respond Mon, 06 Nov 2023 10:24:56 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59561 Dragon Fist Sinhala Sub Dragon Fist Sinhala Subtitles Dragon Fist (1979) Sinhala Sub Dragon Fist (1979) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ. ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන […]

The post Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dragon Fist Sinhala Sub
Dragon Fist Sinhala Subtitles
Dragon Fist (1979) Sinhala Sub
Dragon Fist (1979) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජැකී චෑන්ගෙ පැරණි චිත්‍රපට වලට ප්‍රිය කරන රසිකයින් කීප දෙනෙක්ගේම ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නෙ.

ඉතින් ඔයාල වෙනුවෙන් අද අරගෙන ආවා 1979 අප්‍රියෙල් 21 දින හොංකොංහීදී තිරගත කිරීම ඇරැඹුණු Dragon Fist. හොංකොං ඩොලර් මිලියන 1 ආදායමක් උපයාගනිමින් හොංකොං බොක්ස් ඔෆීස් ලිස්ට් එකටත් ඇතුලත් වුනු ඩ්‍රැගන් ෆිස්ට්, Action, Martial Art, Drama වර්ගයේ චිත්‍රපටයක්. ධාවන කාලය විනාඩි 97 යි. ජැකීගෙ චිත්‍රපට ගණනාවක් නිර්මාණය කල Lo Wei ගෙ අධ්‍යක්ෂනයක්. Jackie Chan සමග රංගනයෙන් එකතු වෙනවා James Tien සහ Nora Miao. සුරූපී Nora Miao ව නම් ඔයාල දන්නවනෙ. බෘස්ලී සමග, රිදී තිරයේදී සිපගැනීමේ දර්ශනයකට පෙනී සිටි එකම නිලිය. ඒ ‘ෆිස්ට් ඔෆ් ෆියුරි’ චිත්‍රපටයේ. බෘස්ලීගෙ චිත්‍රපට පහෙන් තුනකම රඟපාන්න වාසනාව ලද නිලියක්. ජැකීගෙ ප්‍රථම, ප්‍රධාන චිත්‍රපටය වුනු “නිව් ෆිස්ට් ඔෆ් ෆියුරි” එකෙත් ජැකීගේ සහාය නිලිය වුනේ ඇයයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, ජැකීගෙ සලකුණ වන කොමඩි චිත්‍රපටයක් නම් නෙමේ. මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ 1978 වසරේ. තිරගත කිරීම 1979 ට කල් යන්නෙ ස්ටුඩියො එකේ මුදල් අහේනියක් නිසා. 1978 වෙනකොට ජැකී කොමඩි රැල්ලට හැරිල තිබුනෙ නෑ. ඔහුගෙ විතරක් නෙමේ හොංකොං සිනමාවෙම කොමඩි රැල්ල පටන් ගත්තෙ ජැකීගෙ Snake in the Eagle Shadow [ 1978 ] චිත්‍රපටයෙන්. හැබැයි ජැකීගෙ තරුණ ජවසම්පන්නකම සහ මාෂල් ආට් හැකියාව ඩ්‍රැගන් ෆිස්ට් එකේ ඉහළින්ම තියෙනවා. ඒ පැත්තෙන් නම් බලන්නම වටින ෆිලුමක්. ටොං හෝ-වැන් (ජැකී) ගේ මාස්ටර්ට, වෙනත් වංශයක මාස්ටර් කෙනෙක් වන චුං විසින් සටනකට අභියෝග කරනවා. ඔහු ඒක කරන්නෙ පුද්ගලික ආරෝවකට. එහිදී බරපතල තුවාල ලබන ටොංගේ මාස්ටර් පසුව මිය යනවා. මහන්සිවී සටන් පුහුණු වන ටොං අවුරුදු කීපයකට පසුව, ඔහුගේ මාස්ටර්ගෙ බිරිඳ සහ දියණිය ( Nora ) සමග මාස්ටර් චුංව හොයාගෙන යනවා, තම මාස්ටර්ගෙ මරණයට පලිගන්න. චුංව හොයාගෙන ඔහුගේ “ඉවසීමේ වංශයට” යන මේ තුන් දෙනා මුහුණ දෙන්නේ, ඔවුන් තිදෙනා කිසිසේත්ම නොසිතූ අමුතුම තත්ත්වයකට. ඇයි ඒ? එහෙ මොකද වෙලා තියෙන්නෙ? චිත්‍රපටය බලමු, නේ?

විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ… ලොකු අමානුෂික දර්ශනත් නෑ. 

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ චිත්‍රපටය බලන්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dragon-fist-1979-sinhala-subtitles/feed/ 0
Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alien-1979-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alien-1979-sinhala-subtitles/#comments Tue, 01 Aug 2023 12:26:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48061 Alien Sinhala Sub Alien Sinhala Subtitles Alien (1979) Sinhala Sub Alien (1979) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් […]

The post Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien Sinhala Sub
Alien Sinhala Subtitles
Alien (1979) Sinhala Sub
Alien (1979) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අවුරුද්ද දිහා බලලා චිත්‍රපටි මනින එක වැරදියි කියලා කියන්න හොඳ උදාහරණයක් අරගෙන තමා මම අද ආවේ. මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් හා තවත් සම්මාන 12 ක් දිනා තවත් නිර්දේශ වීම් 18 ලබා IMDB චිත්‍රපට ශ්‍රේණීගත කිරීම් වල 8.5/10 ක් සමඟින් ලොව හොඳම චිත්‍රපට 250 අතර 41 වෙනි ස්ථානයේ පසුවෙන තවත් අමුතුම චිත්‍රපටියක්. දැන් තරම් තාක්ෂණික උපක්‍රම දියුණු නැති යුගයක නිපදවුණු නිසාම මේ චිත්‍රපටිය බොහොම විශිෂ්ට එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවනි.

මම කතාව පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නේ ශිශිරතාරක නින්දේ පසුවෙන සත් දෙනෙකුගෙන් යුතු කාර්යය මණ්ඩලයක් සමඟ Thedus නම් ග්‍රහලොවේ සිට ඛණිජමය පාෂාණ රැගෙන පෘතුවිය කරා එන යානාවක් සමඟිනුයි. එහෙත් යානයේ පරිගණකය මඟින් මෙම ශිශිරතාරක නින්ද් පසුවෙන කාර්යමණ්ඩලය හදිසියේම අවදිකරනු ලබනවා. ඒ නොදන්නා ග්‍රහකය සිට එන පණිවුඩ ග්‍රහණය වීමක් හේතුවෙනුයි. ඉතින් මේක කුමක්ද කියලා බලන්න මෙම යානාවේ කට්ටිය එම ග්‍රහකයට ගමන් කරනවා. ඒත් අවාසනාවකට ගොඩ බෑමේදී යානයට යම් තරමක හානියක් සිදුවෙනවා. ඉතින් මේ යානයේ අලුත් වැඩියාවන් සිදුවෙන අතරතුර කණ්ඩායමක් මෙම පණිවිඩ මූලාශ්‍රය සෙවීමේදී එය අත්හැර දමන ලද පිටසක්වල යානයකින් නිකුත් වූවක් බව හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ…

එක්කෝ ඉතුරු ටික ඉතින් Download කරලා බලමු නේද? මේ පණිවිඩය මොකක්ද? යානය අත් හැරලා තියෙන්නේ මොකක් හින්දද? කට්ටියටම පණපිටින් ආපහු යාවිද? අවසානය දක්වාම, මම කියන්නේ අනිතිම අවසානය දක්වාම බලන්න වටින චිත්‍රපටියක් තමා මේක. මොකද ඉවර වෙන්න ටිකකට කලින් ඉවරයි කියලා හිතුවත් ඒක ඉවරම නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳට බලන්න. කමෙන්ට් එකකුත් දාලම යන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alien-1979-sinhala-subtitles/feed/ 2
Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rocky-ii-1979-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rocky-ii-1979-sinhala-subtitles/#respond Fri, 07 Apr 2023 02:47:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38576 Rocky II Sinhala Sub Rocky II Sinhala Subtitles Rocky II (1979) Sinhala Sub Rocky II (1979) Sinhala Subtitles

The post Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rocky II Sinhala Sub
Rocky II Sinhala Subtitles
Rocky II (1979) Sinhala Sub
Rocky II (1979) Sinhala Subtitles

The post Rocky II (1979) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rocky-ii-1979-sinhala-subtitles/feed/ 0