1999 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1999/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 10 Feb 2024 08:43:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1999 Archives - SinhalaSub https://dseek.sldrive.cc/release/1999/ 32 32 Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arlington-road-1999-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arlington-road-1999-sinhala-subtitles/#comments Sat, 16 Sep 2023 12:08:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54173 Arlington Road Sinhala Sub Arlington Road Sinhala Subtitles Arlington Road (1999) Sinhala Sub Arlington Road (1999) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් කියලා පිලිගන්නවා තවත් English මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලව…මේක නම් අපේ ගොඩක් අය දෙනකම් බලන් හිටපු 90 දශකයේ බිහිවුන තවත් සුපිරි කතාවක් කියලා කියන්න පුලුවන්.. මම ම පුද්ගලිකව තැන් තුන හතරකම […]

The post Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Arlington Road Sinhala Sub
Arlington Road Sinhala Subtitles
Arlington Road (1999) Sinhala Sub
Arlington Road (1999) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් කියලා පිලිගන්නවා තවත් English මාස්ටර් පීස් එකක් බලන්න ආපු ඔයාලව…මේක නම් අපේ ගොඩක් අය දෙනකම් බලන් හිටපු 90 දශකයේ බිහිවුන තවත් සුපිරි කතාවක් කියලා කියන්න පුලුවන්.. මම ම පුද්ගලිකව තැන් තුන හතරකම දැක්කා අපේ Web සයිට් එකේ සහ වෙනත් උපසිරැසි ලබාදෙන Web සයිට් වල මේක ගොඩක් අය ඉල්ලලා තියනවා.. ඉතින් ඔන්න එයාලටයි , Thriller /Mystery / Crime පිස්සන්ටයි තමයි මේක මේ විදිහට අද ⁣අරන් එන්නේ..

ඒ අතරම IMDB අගය 7.2 කුත් / Rotten Tomatoes 63% කුත් ගූගල් පරිශිලක අගය 84% කුත් ලබාගත්ත මේ 1999දි තිරගත වුන මේ Arlington Road කියන ෆිල්ම් එක අන්තිම වෙනකම් හිතන්න වත් බැරි විදිහට කරලා තියනවා කිව්වොත් හරි.. අන්තිම විනාඩි 5 වගේ ගොඩක් හොදට අවධානේන බලන්න.. ?? නැත්තං කතාවේ හරියටම වුන දේ ගැන අදහසක් එන එකක් නෑ….ඇත්තටම මේ කතාවට එක පදනමක් කරගෙන තියෙනවා 1995දි ඇමරිකාවේ ශාන්ත ලුවී වල සිද්ද වුන සත්‍ය සිද්ධියක්.. මම සිද්දිය මොකද්ද කියන්නෑ.. ඒක කිව්වොත් වැඩක් නෑ නේ.. කතාව බලලම ⁣ඉන්න.. අනික තමයි හිතන්න ඔයා කෙනෙක් ගැන විස්තර හොයනවා කියලා.. ඔයාට ලැබෙන විස්තර එක්ක ඒ මනුස්සයා මැරිලා.. හැබැයි ඒ මනුස්සයා ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නවා නම්……?

කතාව පැත්තට ගියොත් අපේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මයිකල් ෆැඩ්රේ. ඉතින් මෙයා ගෙදර යද්දි මෙයාට පාරේදි හම්බවෙනවා පාර මැද වැනි වැනි යන ලමයෙක් අත් තුවාල වෙලා ලේ පෙරාගත්ත.. මේ සිද්ධිය මෙයාගේ ජීවිතේම කනපිට පෙරලනවා කිව්වොත් මම හරි.. ඒ වගේම මෙයා ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ ඉතිහාසය ගැන උගවන්වන් මහචාර්ය වරයෙක්..ඉතින් මේ ලමයා මෙයා හොස්පිටල් එකට එක්කන් යනවා.. එතනදි ලමයගේ දෙමව්පියෝ මෙයාට හම්බවෙනවා.. එතකොට බලද්දි මෙයාලා අසල්වැසියෝ..මයිකල්ගේ ගෙට ඉස්සරහා ගෙදර… හැබැයි මයිකල් ඒක දන්නෑ.. අමුතුයි නේ.. මුල් විනාඩි 2 -3 තමයි ඔය කිව්වේ.. අපි බලමු කවුද මේ අසල්වැසියා , මෙයා මොනවද කරන්නේ , කවුද පාරේ හිටපු ලමයා , කවුද මැරැන මිනිහා…. කතාව බලලම ඉමු..?

තවත් මේ වගේ සුපිරියක් අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තාරක ලහිරු මධුශාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Arlington Road (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arlington-road-1999-sinhala-subtitles/feed/ 1
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fight-club-1999-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fight-club-1999-sinhala-subtitles/#respond Wed, 13 Sep 2023 17:41:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54012 Fight Club Sinhala Sub Fight Club Sinhala Subtitles Fight Club (1999) Sinhala Sub Fight Club (1999) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb […]

The post Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fight Club Sinhala Sub
Fight Club Sinhala Subtitles
Fight Club (1999) Sinhala Sub
Fight Club (1999) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb දර්ශකයේ 8.8/10ක ඉහළ අගයක් ගනිමින් එදා මෙදාතුර වැඩිම IMDb අගයක් ලබාගත් ලැයිස්තුවේ 11 වන ස්ථානය දිනාගැනීමට Fight Club සිනමාපටය සමත් වුණා. ඊට අමතරව ඔස්කා සම්මානයකට නිර්දේශ වී තවත් සම්මාන 12ක් දිනාගන්නට මේ සිනමාපටය සමත් වුණා. 90 දශකයේ වඩාත් ආන්දෝලනයකට සහ කතාබහකට ලක් වුණු Fight Club, මුලදී අපේක්ෂිත බොක්ස් ඔෆිස් වාර්තා අතරට නොගියත් ගෘහස්ථ වීඩියෝ පිටපත නිකුත් වීමත් සමඟ ප්‍රබල වාණිජ සාර්ථකත්වයක් ලැබුවා.

2009දි චිත්‍රපටයේ නිකුත් වීමේ දසවන සංවත්සරයේදී මේ චිත්‍රපටයේ Remastered පිටපතක් නිකුත් වුණා. ඒවා ගැන වැඩි විස්තර වලට නොයා අපි කතාව දෙසට හැරෙමු.

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වෙන්නේ නිර්නාමික කථිකයෙකුගේ දෘෂ්ටි කෝණයෙන්. ඒ නිර්ණාමික චරිතයට පණ පොවන්නේ එඩ්වඩ් නෝටන් විසින්. වෘත්තියෙන් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක සේවයේ නියුතු ඔහු Recall Coordinator එහෙම නැතිනම් ‘යළි කැඳවීමේ සම්බන්ධීකාරක’යෙක් ලෙසයි රැකියාව කරන්නේ.( ඒ කියන්නේ තමන් සේවය සපයන වාහන නිෂ්පාදන ආයතනයට අයත් වාහන වලින් වන අනතුරු වලදී අනතුරට හේතු වන දෝෂය එම වාහන මාදිලියටම පොදු එකක් දැයි සොයා බලා, එම වාහන මාදිලියට අයත් වාහන යළි නිෂ්පාදන සමාගමට හෝ එහි නියෝජිත ආයතනයකට ගෙන්වා එම දෝෂය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් ඇතිදැයි සොයා බැලීමේ කාර්යයි ඔහුගේ රැකියාව. මෙතැනදී අදාළ පුද්ගලයා යළි කැඳවීමේ අවශ්‍යතාවය සොයා ගන්නේ, සියලුම වාහන එසේ කැඳවා පිළිසකර කිරීම කොතෙක් දුරට ආයතනයේ මූල්‍යමය තත්වයට සහ ව්‍යාපාරයට කෙසේ බලපාන්නේද යන්න සලකා බැලීමෙන් අනතුරුවයි. චිත්‍රපටය නැරඹීමේදී මේක වැදගත් වෙයි කියා සිතුණු නිසයි මේක සඳහන් කළේ.)

අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහු නින්ද නොයෑමේ රෝගය හෙවත් ඉන්සොම්නියා රෝගයට ගොදුරු වෙනවා. වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු ගියත් වෛද්‍යවරයා ලබාදෙන බෙහෙත් වලින් ඔහු සෑහීමකට පත් වන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයා සමඟ වාද කරද්දී තමන් විඳින මානසික පීඩනය සහ වේදනාව ගැන කියද්දී වෛද්‍යවරයා ඔහුට කියනවා වේදනාව කියන දේ ගැන අදහසක් ගන්න ඕනෙ නම්, වෘෂණ කෝෂ පිළිකා සහිත රෝගීන්ට උපදේශන දෙන ස්ථානයකට ගිහින් බලන ලෙසයි. මේ අවවාදය ලැබුණාම කථිකයා කරන්නේ එවැනි විවිධ ආබාධ සහිත පුද්ගලයන්ට මානසික උපදේශන සපයන ආයතනයකට යාමට හුරු වීමයි. අන්වර්ථ නාමයකින් ඒ ස්ථාන වලට යන ඔහු තමන්ටද එවැනි සුව කිරීම අපහසු රෝගයක් වැළඳී ඇති බවට ව්‍යාජ ලෙස ඒත්තු ගන්වනවා. ඒ රෝගීන් සමඟ දුක සැප බෙදාගැනීමෙන් ඔහුට තමන්ගේ නින්ද නොයෑමේ රෝගයට සහනයක් ලැබෙනවා.

එහෙත් හදිසියේම ඒ වැඩසටහන් වලට හුදෙක් විනෝදය පිණිස සහභාගී වන මාර්ලා සිංගර් ඔහුට හමුවෙනවා. ඇයගේ පැමිණීම තමන්ගේ මානසික සහනයට තර්ජනයක් ලෙස දකින ඔහු ඇය සමඟ එකඟතාවයකට පැමිණෙනවා උපකාරක වැඩසටහන් වලට එකිනෙකා හමු නොවන ලෙස බෙදාගෙන යාමට. කෙසේ වෙතත් රාජකාරි ගමනකදී නිර්නාමික කථිකයාට හමුවන ටයිලර් ඩර්ඩ්න් ඔහුගේ සමීප මිතුරෙක් බවට පත් වෙනවා. තමන්ගේ නවාතැනේ කාමරය ගිණි ගැනීමෙන් පසු ඔහුට ටයිලර් ගේ නවාතැනට යාමට සිදුවෙනවා. ඔවුන් දෙදෙනා රහසිගතව සටන් සමාජයක් (Fight Club) සෑදීමට පියවර ගන්නේ ගතානුගතික ජීවිතයෙන් ගැලවීමට ඒ දෙදෙනාටම ඇතිවන පෙළඹවීමක් මතයි. කෙසේ වෙතත් මේ සටන් සමාජය නිසා කථකයාගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට නොසිතූ ආකාරයේ බලපෑම් රැසක් එල්ල වෙනවා. ඔහුගේත් ටයිලර්ගේත් කතාව මැදට හිටිහැටියේම මාර්ලා සිංගර් ද පැමිණෙනවා. මුල සිට අගටම කුතුහලයෙන් නැරඹිය හැකි ලෙස ගොඩනඟා ඇති මේ චිත්‍රපටය අවසානයේදී අනපේක්ෂිත ලෙස කතාවේ පෙරළියකට හෙවත් Plot Twist එකකට ගමන් කරන අන්දම ඔබට දකින්නට ලැබේවි. ඒ ගැන වැඩි විස්තර කියන්න අපේක්ෂා කරන්නේ නැහැ. කිව්වොත් වැඩක් නෑනේ!

මේ චිත්‍රපටයේ නිර්නාමික කථකයා ලෙස රංගනයෙන් දායක වන්නේ Edward Nortan. ඒ වගේම මාර්ලා සිංගර් ලෙස Helena Bonham Carter ද, ටයිලර් ඩර්ඩ්න් ලෙස Brad Pit ද රංගනයෙන් දායක වෙනවා. අන්තර්ජාලයේ සඳහන් වන අන්දමට චිත්‍රපටයේ ටයිලර්ගේ චරිතය වෙනුවෙන් බ්‍රැඩ් පිට ස්වේච්ඡාවෙන්ම දන්ත වෛද්‍යවරයා වෙත ගොස් තම ඉදිරි දත් වලින් කීපයක් කපා ඉවත් කරගෙන තිබෙනවා. ඒ සටන් සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වඩා තාත්විකව චරිතය නිරුපණය කිරීමටයි. චිත්‍රපටය රූගත කිරීමෙන් අනතුරුව ඔහු සිය දත් යළි පිළිසකර කරගත් බවත් සඳහන් වෙනවා.කතාව ඇත්ත නම්, යකාගේ කැපවීමක් තමයි ඒකත්!

එහෙමනම් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙන කරුණක් තමයි මේ චිත්‍රපටය 18+ එකක්. ඒ නිසා වයස අවුරුදු 18 වැඩි ළමයි විතරක් බලන්න.

ආයෙත් තවත් ෆිල්ම් එකකින් ඔබ හමුවෙන්නම්. එතෙක් ඔබට තෙරුවන් සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ප්‍රබුද්ධ කේසර විතානගේ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fight-club-1999-sinhala-subtitles/feed/ 0